tag:blogger.com,1999:blog-23177089171921669942024-02-21T19:08:14.432+05:30හිතෙන හැටිමට එක එක දේවල් හිතෙන හැටි...Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-2317708917192166994.post-90902636033894772972020-11-30T22:33:00.003+05:302020-11-30T22:46:57.999+05:30බන්ධනාගාර - ගැටුම් වලින් ඔබ්බට....
මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බවට මාධ්‍ය වාර්තා පළ වෙයි. ඒ ගෙවී යන දශකය තුල ශ්‍රී ලංකාවේ සිදු වූ දෙවන බරපතළ බන්ධනාගාර කැරැල්ලයි. මීට පෙර 2012 නොවැම්බර් 9-10 දින වල වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ මෙවැනිම ගැටුමකින් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් තවත් හතලිස් ගණනක් තුවාල ලැබූ හ. අප බොහෝ දෙනා විශ්වාස කරන පරිදි පුද්ගලයන් බන්ධනාගාරගත කරනු ලබන්නේ දඬුවමක් වශයෙනි. එබැවින් බන්ධනාගාරගත වන රැඳවියා හැකි තාක් අවම පහසුකම් සහ අප්‍රසන්න සහ පීඩාකාරී වාතාවරණයක ජීවත් වන බවට බන්ධනාගාරය වග බලා ගත යුතුය. 29 වෙනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පල වන ප්‍රකාශ වලින් ද සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් වන්නේ එවැනි ආකාරයේ ප්‍රකාශ වලට ය.
එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලාංඡනයට අනුව එහි කාර්යභාරයට අයත් අංශ තුනකි. ඒවා ඉංග්‍රීසි C අකුරෙන් ආරම්භ වේ. එනම් Custody - රඳවා ගැනීම, Care - රැකවරණය සැපයීම, සහ Correction - විශෝධනය යි. එහෙත් ඒවා නිසි පරිදි සිදු වන්නේ ද යන්න ගැන පහත සංඛ්‍යාලේඛන විමසා බැලීමෙන් දැනගත හැකිය.
1844 දී ආරම්භ කිරීමෙන් පසුව ගතවූ සියවස් දෙකකට ආසන්න කාලයෙන් වැඩි ප්‍රමාණයක් මෙරට බන්ධනාගාර වල සිටිය යුතු සිරකරුවන් ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් රඳවනු ලැබ සිටිති. එය ලෝකයේ බොහෝ රටවලට පොදු තත්ත්වයක් වුවත් පසුගිය වසර 5 ක කාලය සලකා බැලීමේ දී එහි විශාල වර්ධනයක් දැකිය හැකිය. 2016 වර්ෂයේ දී 131.6% ක් වූ මෙරට බන්ධනාගාර වල ජනගහනය 2019 වසර අවසන් වන විට 184.59% දක්වා වැඩි වී තිබේ. එසේ වන්නේ 2016 දී 58 ක්ව පැවති බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පැවති ආයතන සංඛ්‍යාව අඟුනකොලපැලැස්ස සහ දුම්බර බන්ධනාගාර ද සමග 2019 දී 60 ක් දක්වා ඉහළ ගිය පසුබිමක ය. එලෙස බන්ධනාගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාවෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් (2019 දී 58.31% ක්) රිමාන්ඩ් සිරකරුවන් ය. 2016 දී 94655 ක් වූ අලුතින් බන්ධනාගාරගත කරන ලද රිමාන්ඩ් සිරකරුවන් සංඛ්‍යාව 2019 දී 115325 ක් දක්වා විසි දහසකින් ඉහළ ගොස් තිබේ.
එලෙස බන්ධනාගාර වල සිරකරුවන් සංඛ්‍යාව වැඩි වන විට සම්පත් බෙදී යාමේ විෂමතාවයක් ඇති වීම පොදු තත්ත්වයකි. එවිට සාමාන්‍යයෙන් බන්ධනාගාරයක් තුල දී සැපයිය යුතු යැයි නිර්නය කර ඇති පහසුකම් සිරකරුවන්ට නොලැබී යයි. උදාහරණයක් ලෙස එක් ගොඩනැගිල්ලක හෝ 'වාට්ටුවක' සිටිය යුතු යැයි නියමිත පුද්ගලයන් සංඛ්‍යාව 100 ක් නම් දැන් පුද්ගලයන් 180 කට හෙවත් ආසන්න වශයෙන් දෙගුණයකට ඉඩ පහසුකම් සැලසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ. ඒ හා සමානව පෞද්ගලිකත්වය, සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂාව, පිරිසිදු කම ආදී අවශ්‍යතාවයන් ද ලැබිය යුතු තරමට ලැබෙන්නේ නැත. සාමාන්‍ය සමාජයක වුවද ආහාර සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන විට පුද්ගලයන් කැරළි ගැසීමට පෙළඹෙන බව පිලිගත් මූලධර්මයකි. බන්ධනාගාර සැලකීමේ දී අධික ජනගහනය බන්ධනාගාර වල කැරලි, සිය දිවි නසාගැනීම්, නැවත නැවත බන්ධනාගාරගත වීම් සහ මානසික රෝග ඇති වීමට බලපාන බව විද්‍යාත්මක පර්යේෂණ වලින් සොයාගෙන තිබේ.
පුද්ගලයන් බන්ධනාගාරගත කිරීමෙන් අපේක්ෂා කරනුයේ ඔහු හෝ ඇය විශෝධනය වූ පුද්ගලයකු වශයෙන් නැවත සමාජගත වී නීත්‍යානුකූල පුරවැසියෙකු ලෙස සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම ය. එහෙත් 2019 වසරේ දී බන්ධනාගාරගත කරන ලද සිරකරුවන් අතරින් 44.8% ක් මීට පෙර එක් අවස්ථාවක හෝ වැරදිකරුවෙකු ලෙස බන්ධනාගාරගත වී තිබේ. එයින් 2.5% ක් මීට පෙර අවස්ථා පහක් හෝ ඊට වැඩි ගණනක් වැරදිකරුවන් බවට පත් වී ඇත. රිමාන්ඩ් බන්ධනාගාර වල නැවත නැවත බන්ධනාගාරගත වන පුද්ගලයන්ගේ ප්‍රතිශතය මීට වඩා බොහෝ වැඩි ය. ඒ හේතුවෙන්ම දිනෙන් දින බන්ධනාගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර අලුතින් බන්ධනාගාර ඉදි කිරීමට පවා සිදු වී ඇත. ඒ දියුණු බන්ධනාගාර පද්ධති ඇති ස්වීඩන්, නෝර්වේ වැනි රටවල් සිය බන්ධනාගාර වසා දමමින් යන පසුබිමක ය.
ස්වීඩනයේ සිර කුටියක්
බන්ධනාගාරගත වන පුද්ගලයන් නැවත සමාජගත කිරීම සඳහා විධිමත් සහ ඵලදායී පුනරුත්ථාන වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුව තිබේ. මෙරට බන්ධනාගාර වල සිරකරුවන්ට නිරත විය හැකි වැඩ කණ්ඩායම් හෙවත් පාටි තිහකට අධික ප්‍රමාණයක් තිබේ. එහෙත් ඒ එක් වැඩ කණ්ඩායමකින් හෝ දඬුවම් කාලය අවසන් කර නිදහස් වන සිරකරුවාට ජීවනෝපායක් සකසා ගත හැකි කුසලතාවයක් ලබා දෙන්නේ නැත. සිරකරුවන් අතරින් 90% ක් විශ්වාස කරන්නේ පාටියක වැඩ කිරීම ඔවුන්ගේ දඬුවමේ කොටසක් බව ය. බන්ධනාගාරය තුල පුද්ගලයන්ට සිය ආවේග කලමනාකරණය කරගැනීම, ජීවන කුසලතා සංවර්ධනය කර ගැනීම ආදී වැරදිකරුවකු නීතිගරුක පුරවැසියෙකු බවට රූපාන්තරණය කිරීමට අවශ්‍ය වන කුසලතා පුහුණුවට නිසි ක්‍රමවේද ක්‍රියාත්මක නොවේ. එසේ ක්‍රියාත්මක වුවද වැඩි ජනගහනයක අවශ්‍යතා සැපිරීමට ඒවා ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට අලුතින් බන්ධනාගාරයට ඇතුලු වන රිමාන්ඩ් සිරකරුවා නැවත ඉන් පිටත් වන්නේ අලුතින් අපරාධ කිරීමට අවශ්‍ය වන කුසලතා සහ සම්බන්ධතා රැසක් ගොඩනඟාගෙන ය. මේ සියල්ල විසින් බන්ධනාගාර පද්ධතිය සිරකරුවන්ට, ඔවුන්ගේ ඥාතීන්ට හෝ සිවිල් පුරවැසියන්ට විශ්වාසදායක නොවන ආයතන ව්‍යුහයක් බවට පත් ව ඇත. එහි ප්‍රතිඵලය වන්නේ එක්කෝ කෙසේ හෝ බන්ධනාගාරයෙන් පැන යාම ය, නැතහොත් සිරකරුවන් මරා දැමිය යුතු යැයි විශ්වාස කිරීම ය.
එබැවින් ඉදිරියේ දී මෙවැනි කැරළි කෝලාහල ඇති වීම වැලැක්වීමට නම් සහ සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය යන කියමන යතාර්ථයක් කිරීමට නම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුව තිබේ. සතුටුදායක කාරණය වන්නේ මෑතක දී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පස් අවුරුදු සැලැස්මේ මේ ගැටලු හඳුනාගෙන තිබීම ය. 2025 වන විට එහි අපේක්ෂිත අරමුණු වලින් කිහිපයක් හෝ නිසි පරිදි ඉටු කර ගැනීම මෙරට බන්ධනාගාර පද්ධතියට පමණක් නොව සමස්ථ සමාජයටම යහපත් ප්‍රතිඵල ඇති කරනු ඇත. එසේ නොමැතිව එක් එක් අවස්ථා වල බලය යොදවා පාලනය කිරීමෙන්, බන්ධනාගාර නීති තද කිරීමෙන්, දේශපාලන තීන්දු තීරණ මතවාද ආදියෙන් හෝ බොහෝ දෙනා අපේක්ෂා කරන පරිදි දඬුවම් බරපතල කිරීමෙන් බන්ධනාගාර වල අර්බුද වලට විසඳුමක් සෙවිය නොහැකි ය.
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com2Colombo, Sri Lanka6.9270786 79.861243-21.383155236178844 44.704993 35.237312436178847 115.017493tag:blogger.com,1999:blog-2317708917192166994.post-72768238793663106682020-07-19T14:27:00.003+05:302020-07-19T14:27:53.745+05:30සිය දිවි නසා ගැනීම විසඳුමක් ද?
සිකුරාදා රාත්‍රිය උදා වුණේ Chhichhore සිනමා පටය සමග ය. එය ඉතා ආදරණීය සිනමා පටයකි. පිය සෙනෙහස, පවුල, හිතවත්කම් සමග ගෙවී ගිය ඒ පැය දෙක හමාරක කාලයේ ත්, ඉන් පසුවත් මා මගෙන්ම විමසන පැනයක් තිබේ. ඒ, මාස කිහිපයකට පෙර ජීවිතයට බලාපොරොත්තුවේ ඇති බලය ගැන සිනමා පටයක ප්‍රධාන චරිතයෙන් කතා කරන සුෂාන්ත් සිං රාජ්පුත්, සිය ජීවිතයට සමු දීමට මෙතරම් ඉක්මන් වූයේ මන්ද යන්නයි. සිය දිවි නසා ගැනීමේ චර්යාව එසේ ය. මීට ටික දවසකට පෙර සිය දිවි නසා ගත් (හෝ අවම වශයෙන් අවසන් ලිපියේ සඳහන් ව තිබූ කරුණු අනුව) රජීව ජයවර්ධන මහතා තරම් සාමකාමී, සැළසුම් සහගත මරණයක් කිසිවකුට හෝ තිබිය හැකි ද? දිනකට අකාලයේ සිය ජීවිතය අහිමි කර ගන්නා ශ්‍රී ලාංකිකයන් අට දෙනා ගෙන තිබෙන්නේ නිවැරදි ම තීරණය ද? එය එසේ වන්නට හෝ නොවන්නට පුළුවන. එය ඔබට හෝ මට තීරණය කල හැකි නොවේ. එහෙත්, එකී තීරණයට පෙරාතුව තවත් එකම එක විසඳුමක් හෝ තිබූ බව නම් සහතිකව කිව හැකිය. එහෙත් ඒ විසඳුම නොදැක අද පස්වරුවේ තවත් කුසලතා පූර්ණ සරසවි සිසුවෙක් සිය දිවි ගමන නිමා කර තිබිණි.
සිය දිවි නසා ගැනීම් වලක්වා ගත හැක්කේ කෙසේ දැයි අප බොහෝ අවස්ථා වල කතා කර ඇත්තෙමු. මනෝ විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් විසින් COVID-19 වසංගතයත් සමග ලොව පුරා සිය දිවි නසා ගැනීමේ චර්යාවන් වැඩි විය හැකි බව පුරෝකථනය කර තිබේ. එහි අපේක්ෂිත බලපෑම කොතෙක් ද යත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ට පවා 'වසංගතයෙන් පසුව ඇති විය හැකි මානසික සෞඛ්‍ය බලපෑම් අවම කිරීමට දැන් ම පියවර ගත යුතු' යැයි ප්‍රකාශයක් නිකුත් කිරීමට පවා සිදු විය. එයින් නොනැවතී පසුගිය මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඒ වෙනුවෙන් සාමූහික ප්රකාශනයක් ද එළි දැක්වීය.
සමාජ දුරස්ථකරණය, අනාගතය පිළිබඳ අවිනිශ්චිත බව, ගෘහස්ථ ප්රචණ්ඩත්වය, වසංගත තත්ත්වය කෙරෙහි ඇති බිය සහ ආරක්ෂිත පියවර හේතුවෙන් ඇති වන ආතතිය, බරපතල ලෙස ඇති වෙමින් පවතින ආර්ථික ගැටලු සහ රැකියා අහිමි වීම් ආදිය හේතුවෙන් ලොව පුරා පුද්ගලයන් අතර මානසික සෞඛ්‍ය ගැටලු වල ඉහළ යාමක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ. American Medical Association අලුතින් නිකුත් කල වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ සිය දිවි නසා ගැනීම් හා වෙනත් මානසික ව්‍යාකූල තත්ත්වයන් පාලනය කිරීම සඳහා ඉක්මන් පියවර ගත යුතුව ඇති බවයි. Speak Your Mind, සිය Return On the Individual (ROI) වාර්තාව අප්‍රේල් මාසයේ දී එළි දක්වමින් #TimeToInvest නමින් හෑෂ් ටැග් එකක් ද හඳුන්වා දෙනු ලැබුවේ 'It is time to invest in mental health, now, more than ever' යනුවෙන් සඳහන් කරමිනි.
සැබැවින්ම අන් කවරදාටත් වඩා පුද්ගලයන් වශයෙන්, සමාජය වශයෙන් මෙන්ම ආයතනික, ජාතික සහ ගෝලීය වශයෙන් මානසික සෞඛ්‍යය කෙරෙහි ආයෝජනය කිරීම අත්‍යවශ්‍යව තිබේ. එය කරන්නේ කෙසේ දැයි අප ඉතා ඉක්මනින් සිතා බැලිය යුතුව තිබේ.
අපට ජීවිතයේ ඕනෑම අවස්ථාවක තවදුරටත් ජීවත් වීමට අවශ්‍ය නැතැයි හැඟීමක් ඇති විය හැකිය. එහෙත් පුද්ගලයෙක් එයින් ඔබ්බට ගොස් සිය දිවි නසා ගැනීමට පෙළඹෙන්නේ කලාතුරකිනි. මේ දින වල තිරගත වන සුස්ති සිනමාපටයේ එක් දෙබසක මෙසේ කියවෙයි. 'නොදැන මැරෙන එක හොඳයි දැනගෙන මැරෙනවට වඩා'. ඇය කියන්නේ දුම්රියට පැනීමට වඩා බිම් බෝම්බයකට හසු වී මිය යාම හොඳ බව ය. දැන දැනම ජීවිතය අවසන් කර ගැනීමට උත්සාහ කර ගැනීම අතිශයින්ම පීඩාකාරී ය. එහෙත් කිසිවෙකු එයට පෙළඹෙන්නේ ජීවත් වීම ඒ තරමටම හෝ ඊටත් වඩා පීඩාකාරී යැයි දැනෙන්නට වූ විට ය. එසේ දැනෙන සෑම මොහොතකම එකී පීඩාවට සිය දිවි නසා ගැනීමට මෙහා තවත් එකම එක විසඳුමක් ඇති බව තේරුම් ගත යුතුය. නැතහොත් තේරුම් කර දිය යුතුය. තේරුම් කර දීමේ වගකීම ඇත්තේ සමාජයට ය.
මානසික සෞඛ්‍යය කෙරෙහි ආයෝජනය කිරීමෙන් ආයතන වලට 1:4 කින් ආදායම් උත්පාදනය කල හැකි යැයි ROI වාර්තාවේ දක්වා තිබේ. එකී ආයෝජනය, උපදේශනය වැනි මානසික සෞඛ්‍ය සේවා සැපයීම, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආයතන තුල ක්‍රියාත්මක කිරීම, සේවක සුබසාධනය හෝ සේවා ආතතිය නියාමනය කිරීම විය හැකිය. ඒ සඳහා ආයතන වලට අමතර බරක් දැරීමට සිදු වනු ඇත. එහෙත්, මේ දුෂ්කර අවස්ථාවේ පවා, මානසික සෞඛ්‍යය කෙරෙහි කරනු ලබන ආයෝජන ඔබට වැඩි ප්රතිලාභ ගෙන දෙනු ඇත.
ඔබට මේ දින වල කිසියම් මානසික පීඩාවක් දැනේ නම්,
01. ඔබට සමීප, විශ්වාසවන්ත පුද්ගලයකු සමග කතා කරන්න. නැතහොත් 1926 හෝ 1333 වැනි දුරකථන උපකාරක සේවාවක් අමතා කතා කරන්න.
02. ඔබේ සිතුවිලි හෝ හැඟීම් චිත්‍ර, කවි හෝ කෙටි කතා වැනි මාධ්‍යයක් ඔස්සේ ප්‍රකාශ කරන්න. නැතහොත් නිදහස් තැනක වාඩි වී ඔබට දැනෙන සිතුවිලි සහ හැඟීම් සියල්ල කඩදාසියක සටහන් කරන්න.
03. ඔබට වඩා උදව් අවශ්‍ය අයෙකුට උපකාර කරන්න. අන් අයට උදව් කිරීමෙන් අපට තෘප්තිකර හැඟීමක් ඇති වෙයි.
04. හැකි තාක් දෛනික ජීවන රටාව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට උත්සාහ කරන්න. දිනකට අවම වශයෙන් පැය 5 ක වත් අඛණ්ඩ නින්දක් ලබා ගන්න. නින්දට යන සහ අවදි වන වේලාවන් එකම රටාවකට පවත්වා ගන්න.
05. හැකි සෑම අවස්ථාවක දී ම මීට පෙර ඔබ නිරත වූ විනෝදාංශ වල නිරත වීමට උත්සාහ කරන්න.
06. දිනපතා ශරීරයට රිද්මයානුකූල වෙහෙසක් දැනෙන ක්‍රියාකාරකමක හෝ ව්‍යායාම වල නිරත වන්න. (බයිසිකල් පැදීම, ඇවිදීම, පිහිනීම)
07. කෑම වේල් මගහැරීමෙන් වලකින්න.
08. මානසික සහනය අපේක්ෂාවෙන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් වලකින්න.
09. ඔබ විසින් කල යුතු වැඩ ලයිස්තුවක් සකස් කර ඒවා එකින් එක ඉටු කිරීමට උත්සාහ කරන්න.
10. ඔබට මේ මොහොතේ සිදු විය හැකි නරකම දේ කුමක්දැයි සිතා බලන්න. එය සිදු නොවීමට ගත යුතු විකල්ප පියවර සැළසුම් කර ක්‍රියාත්මක කරන්න.
හැකි සෑම අවස්ථාවක දී ම ඔබ අවට සිටින්නන්ගේ පීඩාවන්ට සවන් දෙන්න. එමගින් ඔබට ඔබගේ ප්‍රොෆයිල් පින්තූරයට සුදු කොඩියක් යෙදීමෙන් වැලකී සිටිය හැකි වනු ඇත.
සියදිවි නසාගැනීම් කිසි විටෙකත් ශූන්‍ය විය නොහැකි නමුත් එක්ව ක්‍රියා කිරීමෙන් අපට දිනෙන් දින අහිමි වන වටිනා ජීවිත ගණන අඩු කර ගත හැකිය. සමහර විට, අප දැන් ක්‍රියාත්මක වුවහොත්, අනාගතයේ දී අපට අහිමි විය හැකිව පවතින ජීවිත ගැන පසුතැවීමට සිදු නොවනු ඇත.
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com0Colombo, Sri Lanka6.9270786 79.861243-21.383155236178844 44.704993 35.237312436178847 115.017493tag:blogger.com,1999:blog-2317708917192166994.post-36041646688561555972018-04-06T17:59:00.001+05:302018-04-06T21:45:58.455+05:30ලෝක සෞඛ්‍ය දිනය සහ සියලු පුරවැසියන්ට සමානව සෞඛ්‍ය පහසුකම් ලැබීමේ අපේක්ෂාව...ලෝක සෞඛ්‍ය දිනය, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1948 වසරේ සිට සෑම වසරකම අප්‍රේල් මස 07 වන දින සමරනු ලබයි. මෙවර ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ දී ය. 70 වන ලෝක සෞඛ්‍ය දිනයේ තේමාව වන්නේ "Universal Health Coverage: Everyone Everywhere" යන්න යි. මෙවර ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom මෙසේ පවසයි.
“Health is a human right. No one should get sick or die just
because they cannot access the services they need.”
"සෞඛ්‍යය යනු මානව අයිතිවාසිකමකි. අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කිසිවෙක් රෝගී විය යුතු හෝ මිය යා යුතු නොවේ."
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන් හරි අඩකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලැබෙන්නේ නැත. එමෙන්ම සෞඛ්‍යය සඳහා වන වියදම් හේතුවෙන් මිලියන 100 කට අධික ජනතාවක් ජීවත් වන්නේ අන්ත දුප්පත්කමෙන් (දිනකට ඩොලර් 1.90 ට වඩා අඩු ආදායමක් සහිත) පීඩා විඳිමිනි. ලෝක ජනගහනයෙන් 12% ක් හෙවත් මිලියන 800 කට සිය ආදායමෙන් 10% ක් සෞඛ්‍ය වියදම් වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇත. මෙම තත්ත්වය අතිශය අප්‍රසන්න තත්ත්වයකි. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) යටතේ 2030 වන විට Universal Health Coverage (UHC) හෙවත් සාර්ව සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමට එකඟ වී සිටිති.
UHC යන්නෙන් අදහස් කරන්නේ ආර්ථික අපහසුතාවයකින් තොරව සියලු ප්‍රජාවට තම සෞඛ්‍ය අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය පහසුකම් සැළසීම යි. සෞඛ්‍ය ප්‍රවර්ධනයේ සිට රෝග වැළැක්වීම, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ මරණාසන්න රෝග වලින් පීඩා විඳින පුද්ගලයන්ට අවශ්‍ය සේවාවන් දක්වා අත්‍යවශ්‍ය සියලු සෞඛ්‍ය පහසුකම් සැපයීම ඊට අදාළ වේ. UHC මගින් අවශ්‍ය පුද්ගලයන්ට අදාළ සේවා වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ අවස්ථාව සළසා දෙයි. එමෙන්ම එළෙස සපයනු ලබන සේවාවන් ප්‍රමාණවත් ගුණාත්මක බවකින් යුක්ත විය යුතු අතර එම සේවාවන් සඳහා ගෙවීම් කිරීමට තම මුදල් වැය කිරීමට සිදු නොවිය යුතුය.
UHC යන්නෙන් සම්පූර්ණයෙන්ම පුද්ගලයන් වෙත නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීම අපේක්ෂා නොකරයි. එහෙත් සෞඛ්‍ය වියදම් ප්‍රතිපූර්ණය සඳහා විධිමත් රක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍යතාවය තිරසාර සංවර්ධන ඉලක්ක පෙන්වා දෙයි. එමෙන්ම UHC යනු සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට ආර්ථීක පහසුකම් සැළසීම පමණක් නොවේ. සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මක තත්ත්වය පවත්වාගෙන යාමට, අදාළ සෞඛ්‍ය පහසුකම් තවදුරටත් දියුණු කිරීමට සහ සියලු පුරවැසියන්ට සමාජ, ආර්ථික හෝ වෙනත් බෙදීම් නොසලකා සමාන සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ද UHC මගින් අපේක්ෂා කෙරේ.
UHC හි වර්තමාන තත්ත්වය ඇගයීම සඳහා මූලික නිර්නායක දෙකක් භාවිතා කරනු ලබයි.
රටක ජනගහනයෙන් කුමන ප්‍රතිශතයකට අත්‍යවශ්‍ය සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ විය හැකි ද?
රටක ජනගහනයෙන් කුමන ප්‍රතිශතයක් සෞඛ්‍යය සඳහා තම ඉපැයීම් වලින් විශාල ප්‍රමාණයක් වැය කරන්නේ ද?
ජාත්‍යන්තර දර්ශක වලට අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සාපේක්ෂව ඉහළ ගුණාත්මක තත්ත්වයක ඇත. මෙරට පුද්ගල ආයු අපේක්ෂාව කාන්තාවන් සඳහා අවුරුදු 78 ක් සහ පුරුෂයන් සඳහා අවුරුදු 72 කි. එය දකුණු ආසියානු කලාපයේ ඉහළම අගයයි. එමෙන්ම මෙරට ළදරු මරණ අනුපාතිකය පසුගිය වසර 70 තුල දරු උපත් 1000 කට මරණ 149 සිට 9.9 දක්වා අඩු වී තිබේ. රජය වසරකට එක් පුද්ගලයකුගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ඩොලර් 369 ක් වැය කරන අතර සමස්ථ සෞඛ්‍ය වියදම රටේ දළ ජාතික ආදායමෙන් 3.5% කි. පසුගිය වසර 25 ක කාලය තුල රජයේ රෝහල් සංඛ්‍යාව 25.2% කින් ඉහළ ගොස් ඇති අතර රෝහල් ඇඳන් සංඛ්‍යාව 53.3% කින්, වෛද්‍යවරුන් සංඛ්‍යාව 180.9% හා හෙද නිළධාරිනියන් සංඛ්‍යාව 170.9% කින් ඉහළ ගොස් ඇත.
එහෙත් පසුගිය වසර 30 ක කාලය තුල බෝ නොවන රෝග (දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇදුම හා හෘදයාබාධ) හේතුවෙන් මිය යන සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. එමෙන්ම ඉදිරි දශක දෙක තුල මෙරට වැඩිහිටියන්ගේ ප්‍රතිශතය සීඝ්රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර වසර 2041 වන විට සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන්ම එක් අයෙක් වයස්ගතවූවෙක් වනු ඇතැයි ගණන් බලා ඇත. එකී සේවා අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනීම සඳහා සෞඛ්‍ය පහසුකම් දියුණු කළ යුතුව ඇත. එමෙන්ම නාගරික ප්‍රජාව අත්විඳින සෞඛ්‍ය පහසුකම් ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට තවමත් ලැබෙන්නේ අඩුවෙනි. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීම, ප්‍රමාණවත් පරීක්ෂණ පහසුකම් නොමැති වීම සහ කාර්යමණ්ඩල හිඟය වැනි හේතු නිසා ඇතැම් සෞඛ්‍ය පහසුකම් අවම වී තිබේ.
එබැවින් සාර්ව සෞඛ්‍ය රක්ෂණ ක්රමයක අවශ්‍යතාවය මෙරට සමාජයෙන් බැහැර කළ යුතු නොවේ. එබැවින් තනි පුද්ගලයන් වශයෙන් සහ ප්‍රජාව වශයෙන් සාර්ව සෞඛ්‍ය රක්ෂණයේ අපේක්ෂාවන් සහ පොදුවේ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා අපගේ දායකත්වය ලබා දීම වඩා යහපත් හෙටක් උදා කර ගැනීමට හේතු වනු ඇත.
ඒ සඳහා අපගේ සෞඛ්‍ය අවශ්‍යතා, අදහස් හා යෝජනා පිළිබඳ දේශපාලන සහ අනිකුත් වගකිවයුතු නායකයන් සමග සාකච්ඡා කිරීම, සමාන සෞඛ්‍ය අවශ්‍යතා සහිත කණ්ඩායම් වශයෙන් තම පොදු අවශ්‍යතා පිළිබඳ හඬ නැගීම, රෝග වලින් සුවය ලැබීම/වැලකීම සහ ඒ සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ කතාන්තර ජනමාධ්‍ය මගින් අන් අයට දැනගැනීමට සැලැස්වීම ආදිය ප්‍රජාවට සිදු කල හැකි ක්‍රියාකාරකම් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම ජනමාධ්‍ය වලට ද එවැනි ක්‍රියාමාර්ග වලට අවශ්‍ය සහය ලබා දීමේ වගකීමක් තිබේ. විශේෂයෙන්ම 1978 Alma-Ata (අල්මා - අටා) ප්රකාශනයෙන් පිළිගෙන ඇති පරිදි ප්‍රජාවට බලපාන සෞඛ්‍ය තීරණ "සැළසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, නියාමනය සහ ඇගයීම" යන සියලු පියවරයන්හිදී ප්‍රජාවේ සක්‍රීය සහභාගීත්වය සහ දායකත්වය අපේක්ෂා කෙරේ.
"Nothing about me, without me"
එබැවින් වඩා යහපත් සෞඛ්‍යයක් උදෙසා දායක වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු ලෝකවාසීන් වෙත ආරාධනා කරයි.
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com3tag:blogger.com,1999:blog-2317708917192166994.post-81382431342412811672018-03-28T22:52:00.000+05:302018-03-28T23:43:42.718+05:30ලිංගික අධ්‍යාපනය, ඒඩ්ස් සහ සමලිංගිකත්වය ඉගැන්වීමඒ අප 8 වන ශ්‍රේණියට පාස් වූ දවස් ය. අලුතින් ලැබෙන අටෝරාසියක් අච්චු පොත් අතර එක් වෙනස් ආකාරයේ පොතක් විය.  'උදා වූ යෞවනය' වර්ණ ඔප දැමූ කඩදාසියේ මුද්‍රණය කර තිබූ එහි නම විය. ඒ වෛද්‍ය තාරා ද මෙල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කල යුගයයි. ඒ කාලයේ ආරම්භ කරන ලද ඇතැමුන් විසින් 'ලිබරල්' යැයි හඳුන්වා දුන් ජීවන නිපුනතා විෂය නිර්දේශයට ඇතුලත් කිරීම, සත්ත්ව විද්‍යාව වෙනුවට ජීව විද්‍යා විෂයය හඳුන්වා දීම ආදී ප්‍රතිසංස්කරණ වල එක් පියවරක් වූයේ යොවුන් වියට පිවිසෙන යෞවනයන්ට මූලික ලිංගික අධ්‍යාපනයක් ලබා දීම විය යුතුය.
එහෙත් පොත ගෙදර ගෙනා හැටියේම අපේ අම්මා කිව්වේ 'අම්මෝ දැන් කාලෙ ළමයින්ට උගන්නන දේවල්' කියා ය. වාසනාවට ඇය එතනින් එහාට කිසිවක් කීවේ නැත. එහෙත් මට වඩා උපායශීලීත්වයෙන් මුහුකුරා ගිය බොහෝ මිතුරන් ඒ පොත දෙමාපියන්ට හසු නොවන පරිදි සඟවාගෙන කියවූ අතර ඒ වසරින් පසුව නැවත ශිෂ්‍ය කණ්ඩායමකට ලබා දීමට කිසිවෙක් ඒ පොත ආපසු බාර දී නොතිබිණි. ගුරුවරුන්ට ද එය එසේ විධිමත්ව එකතු කරගෙන නැවත ලබා දීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැත.
උදා වූ යෞවනය ලත් තැනම ලොප් වූ අතර ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඩමක් ඊට පසු වසරේ සිට සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනය විෂය නිර්දේශයට එක් විය. නමුත් එයින් සිදු වූයේ මෙරට අධ්‍යාපනය ආරම්භ වූ දා සිට කිසියම් පාඩමක් සෑම ගුරුවරයෙක් විසින් ම හිතාමතාම අතපසු කර ඇත්නම් ඒ පාඩම බවට එකී ලිංගික අධ්‍යාපනය පාඩම වාර්තාගත වීමයි.
ශ්‍රී ලංකාව තුල සුළඟින් ඒඩ්ස් බෝවන, ලිංගික අනන්‍යතාවයන් හාස්‍යයට ලක් කෙරෙන, සමලිංගික තරුණයාට/තරුණියට විෂමලිංගික විවාහයකට බල කෙරෙන සහ ලිංගිකත්වය/ලිංගික නැඹුරුව දේශපාලන කුණුහරුපයක් වන සමාජයක් බිහි වන්නේ එකී අධ්‍යාපන පසුබිමක් තුල ය. පියා එච්.අයි.වී. ආසාදිතයකු වීම නිසා කුලියාපිටියේ දරුවාට පාසලක් අහිමි කල ගම්වැසියන්ගෙන් ආරම්භ වී ආණ්ඩුවේ වැරදි ලිංගික කෝණයෙන් දකින විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා දක්වා දිවෙන ලිංගිකත්වය පිළිබඳ නොදන්නා කමේ උදාහරණ විසින් නැවත නැවත ඔප්පු කර පෙන්වන්නේ ගුරුවරුන්ගේ ලැජ්ජාව හෝ අධ්‍යාපන පද්ධතිය තුල පවතින නොහැකියාව තුල පාසලෙන් පිටවන යෞවනයා හෝ යෞවනියගේ ලිංගිකත්වය පිළිබඳ දැනුම ශූන්‍ය බව ය.
එක්තරා සංවිධානයක් විසින් ආරම්භ කිරීමට යන අධ්‍යාපන වැඩසටහනක් පිළිබඳ දේශපාලන මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ වන්නේ මෙකී පසුබිම තුල ය. මෙම පාඩම් මාලාව තුලින් ඉගැන්වීමට බලාපොරොත්තු වන දේ පිළිබඳ මට අවබෝධයක් නැතත් ප්‍රතිපත්තිමය වශයෙන් මෙරට පාසල් ශිෂ්‍යයාට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලැබීමේ පසුබිමක් නිර්මාණය විය යුතු බව මගේ හැඟීමයි. එවිට ගම්පහ පාසලේ පහ වසරේ ඉගෙනුම ලබන දැරිය වැනි තවත් දරු දැරියන්ගේ ජීවිත නිකරුණේ කාලකන්නි කිරීමේ පාපයෙන් මිදීමට විදුහල්පතිවරුන්, දෙමාපියන් ඇතුලු සමස්ථ සමාජයට හැකියාව ලැබෙනු ඇත.
පසුගිය දශකයක පමණ කාලය තුල ශ්‍රී ලංකාව තුල අනවශ්‍ය ආකාරයේ සමලිංගිකත්ව භීතිකාවක් ඇති කර තිබේ. එක් ආකාරයකින් විවිධ දේශපාලනඥයන්ට එරෙහි දේශපාලනමය මඩ ගැසීමක් දක්වා යන බලය පවත්වාගැනීමේ ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වන මෙකී භීතිකාව අනෙක් පසින් අලුතින් ආරම්භ කරන කුමන හෝ ක්‍රියාවකට එරෙහිව සමාජය උසිගැන්වීම තුලින් එය අඩපන කිරීමට ඉතා ලැජ්ජාසහගත අයුරින් භාවිතාවේ යොදවන අවියක් බවට පත් කරගෙන තිබේ. ඊට බොහෝ උදාහරණ මෑත සමාජයෙන් සොයාගත හැකිය.
මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ සමයේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලින් වැලකීමට උපත් පාලන කොපු ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී. ඊට එරෙහිව 'ගවේශනාත්මක මාධ්‍යකරණයක' නියැලුණු එක්තරා ජාතික මට්ටමේ පුවත්පතක් අදාළ සංවිධානය 'සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට' කටයුතු කරන්නේ යැයි ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී. එහෙත් අද වන විට රජය විසින් වසරකට උපත් පාලන කොපු මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් ලිංගික වශයෙන් සක්‍රීය පුද්ගලයන් (පවුල්, වානිජ ලිංගික වෘත්තිකයන් සහ තරුණ ප්‍රජාව) වෙත නොමිලේ බෙදා හරිනු ලබයි.
ඇතැම් විට මෙකී සමලිංගිකත්වය ඉගැන්වීමේ කතාව ද මීට සමාන විය හැකිය. එබැවින් එකී දේශපාලන උවමනාවට එහා යමින් සත්‍ය නිසි පරිදි සමාජගත කිරීම ජනමාධ්‍යයේ ද වගකීමක් වන්නේ ය. ඒ අයුරින්ම යෞවනයේ සහ යෞවනෝදයේ සිටින දරු දැරියන්ට නිසි හා නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය සතු වගකීමකි. වැඩිවියට පත් විම, ලිංගික සනීපාරක්ෂාව, අතවරයන්ගෙන් ආරක්ෂා වීම, පුද්ගල ලිංගික අනන්‍යතාවයන්, අනවශ්‍ය ගැබ්ගැනීම් වැලැක්වීම සහ ලිංගාශ්‍රිතව බෝවන රෝග පිළිබඳ නිසි අධ්‍යාපනයක් ලබා දීම තවත් දරුවකුට පාසලක් අහිමි කිරීම වලක්වන පියවරක් විය හැකි වන අතරම ලිංගාශ්‍රිත රෝග වැළඳීම අවම කිරීමට, පුද්ගලයන්ගේ ලිංගික අනන්‍යතාවය හේතුවෙන් මුහුණ දීමට සිදු වන අතවරයන්ගෙන් වැළකීමට, අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ඇති වන ගබ්සා කිරීම් අවම කිරීමට මෙන්ම දේශපාලන වේදිකාවේ කුණුහරුපයක් බවට ලිංගික අනන්‍යතාවය පත්වීම වැලැක්වීමට ද හේතු වනු ඇත.
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com2tag:blogger.com,1999:blog-2317708917192166994.post-38834921913204880382018-03-16T23:21:00.000+05:302018-03-16T23:27:20.340+05:30ආබාධය බාධාවක් කර නොගනු පිණිස...මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයා සතු හදිසි නීති බලතල උපයෝගී කරගනිමින් ෆේස්බුක් අැතුලු සමාජ මාධ්‍ය වාරණය කෙරුණේ පසුගිය සතියේ ය. දින තුනකට නං කමක් නෑ යි කියූ පිරිසක් ද සිටි නමුත් ලක්ෂ 7 කට ආසන්න පිරිසක් VPN ඔස්සේ ෆේස්බුක් වෙත පිවිසි බව ඩිජිටල් පහසුකම් අමාත්‍යවරයා පවසයි. එතරම්ම ජන මනසට සමීප ෆේස්බුක් හොඳට නරකට දෙකටම භාවිතා කල හැකි මෙවලමකි. කෙසේ වුවද වසර දහයකට ආසන්න මගේ ෆේස්බුක් අත්දැකීම් වඩා නැඹුරු වන්නේ යහපත් දිශාවට ය. එදා මෙදා තුර සයිබර් අවකාශය තුල හමු වූ මිතුරු මිතුරියන්, අවස්ථාවන් සහ සම්බන්ධතා ප්‍රමාණය අති මහත් ය. එවන් මිතුරු සමාගම් හේතුවෙන් ඉතා වැදගත් අවස්ථාවකට සහභාගී වීමට පසුගිය ඉරිදා (18) මට අවස්ථාව ලැබිණි. මේ සටහන ඒ වෙනුවෙනි.
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ කාන්තා බලමණ්ඩලය සංවිධානය කල කාන්තා දින වැඩසටහනක දේශනයක් පවත්වන්නැයි මට ආරාධනා කරන ලද්දේ සහෘද බ්ලොග් ලේඛිකාවක වන වෛද්‍ය බෝධිනී සමරතුංග සොයුරියයි. එහිදී මා කල දේශනය බ්ලොග් සටහනක් ලෙස පළ කරන්නැයි ඇයත්, තරුරසී සොයුරියත්, සත්‍යා සොයුරියත් කරන ලද ඉල්ලීම අනුව එහි යම් පමනකට සංස්කරණය කරමින් වඩා පුලුල් සටහනක් සකස් කලෙමි. මේ එකී සටහනයි.
ලෝකයේ ජීවත් වන ආබාධ සහිත පුද්ගලයන්ගෙන් අති බහුතරය දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් ය. සෞඛ්‍ය සංවිධානයට අනුව ඔවුන්ගේ සංඛ්‍යාව මිලියන 253 කි. එයින් මිලියන 36 ක් පූර්ණ ලෙස අන්ධ භාවයට පත් වූවන් ය. පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන්ගෙන් 53% කට ඇස් කණ්නාඩි පැළඳීම මගින් පෙනීම නැවත ලබා ගත හැකි නමුත් එයින් සැළකිය යුතු පිරිසකට උපැස් යුවලක් මිළ දී ගැනීමේ හැකියාවක් නොමැත. ලෝකයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2050 වන විට තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි උපකල්පනය කර තිබේ.
දෘෂ්‍යාබාධිත බව නිසා සිදු වන සමාජ සහ ආර්ථික වැය බර අති විශාලය. වර්ෂ 2015 දී දෘෂ්‍යාබාධිත බව හේතුවෙන් ලෝකයට ඇති වන වැය බර එ.ජ. ඩොලර් බිලියන 3369 ක් ලෙස ගණන් බලා ඇත. එය 2020 වන විට බිලියන 3677 ක් වනු ඇතැයි ගණන් බලා ඇත. මේ විශාල මුදල් ප්‍රමාණය වැය වන්නේ කෙසේ ද? 2015 වර්ෂයේ දත්ත අනුව දෘෂ්‍යාබාධිත බව හේතුවෙන් ඇති වන සෘජු වියදම් එ.ජ. ඩොලර් බිලියන 2529 කි. ඒ ඔෘෂධ, ආහාර සහ වෙනත් වියදම් සඳහා ය. සුබසාධන වියදම් ප්‍රමාණය බිලියන 259 කි. දෘෂ්‍යාබාධිත බව නිසා අහිමි වන ශ්‍රමයේ වියදම බිලියන 175 කි. දෘෂ්‍යාබාධිත පුද්ගලයන් නිවසේ දී රැක බලා ගැනීමට යන වියදම ඩොලර් බිලියන 273 ක් ලෙස ගණන් බලා තිබේ. දෘෂ්‍යාබාධිත බව නිසා අහිමි වන නිරෝගී ජීවිතයේ වියදම (Disability-Adjusted Life Year - DALY) ඩොලර් බිලියන 133 කි.
මේ වැය බර අඩු කරගත හැක්කේ කෙසේ දැයි ලොව පුරා ආර්ථික විශේෂඥයෝ සාකච්ඡා කරති. කිසියම් ප්‍රතිඵලයක් නැති කිරීමට නම් ඊට හේතුව නැති කල යුතු යැයි බුදු දහමේ දැක්වෙයි. ඒ අනුව දෘෂ්‍යාබාධිත බව නිසා ඇති වන වැය බර අඩු කිරීමට දෘෂ්‍යාබාධිත බව අවම කල යුතුයැයි මම සිතමි. එය කල හැක්කේ කෙසේද? ආබාධිත බව ඇති වන්නේ කිසියම් අහිමි වීමක් (impairment) නිසා ය. එකී අහිමි වීම නිසා අනිත් 'සාමාන්‍ය' පුද්ගලයන් කරන ආකාරයට කටයුතු කිරීම අපහසු වේ. එය ආබාධිත බව (disability) ලෙස හැඳින්වේ. කිසියම් පුද්ගලයකුට සිදු වන අහිමි වීම් වැලැක්විය නොහැකිය. එහෙත් අහිමි වීම් හේතුවෙන් ඇති වන ආබාධිත බව අවම කළ හැකිය.
දෘෂ්‍යාබාධිත පුද්ගලයන් ආබාධිත වීමට බලපාන විවිධ හේතු තිබේ. ඉන් පළමුවැන්න වන්නේ දෘෂ්යාබාධය හේතුවෙන් අවට පරිසරය දැක තම වටපිටාව මනසින් නිර්මාණය කිරීමට ඇති වන නොහැකියාව යි. එය වෙනස් කල නොහැකි තත්ත්වයකි. එහෙත් එම තත්ත්වය හේතුවෙන් ඇති වන වැඩ කරගැනීමේ නොහැකියාව අවම කිරීමට පරිසරය වෙනස් කල හැකිය. ප්‍රධාන මාර්ග වල ආබාධ සහිත පුද්ගලයන්ට සංවේදී වන පදික වේදිකා (උදා: කොල්ලුපිටිය), කථන පහසුකම් හෝ ශබ්ද සංඥා සහිත පාර මාරු වීමේ ස්ථාන, බ්‍රේල් ලේඛන, audio books එවැනි වෙනස්කම් වලට උදාහරණයන් ය. ඔබ අප ඉතා සරළ යැයි සිතන මෙවැනි සුළු වෙනස්කම් වලින් දෘෂ්‍යාබාධිත පුද්ගලයා තම කටයුතු සැළකිය යුතු ප්‍රමාණයකින් දියුණු කර ගනියි.
දෙවැන්න වන්නේ ඔවුන් මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු ය. දෘෂ්‍ය සහ ශ්‍රවන ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් විවිධ මානසික පීඩාවන්ට සහ විෂාදය වැනි තත්ත්වයන්ට මුහුණ දීමේ වැඩි අවදානමක් ඇති බව අධ්‍යයන වලින් පෙන්වා දී ඇත. එබැවින් එවැනි පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නැංවීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම දෘෂ්‍යාබාධිත බව හේතුවෙන් මුහුණ දීමට සිදු වන කායික, මානසික සහ ලිංගික අතවර අවම කිරීමට ද පියවර ගත යුතුව තිබේ.
මෙවැනි බාහිර බාධාවන් අවම කිරීමට සමාජයට හැකියාව තිබේ නම් ඔවුන් සමාජයට ඵලදායී පුද්ගලයන් කිරීම අපහසු කරුණක් නොවේ. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය සමාජගත වීම ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකමක් ලෙස දක්වා තිබේ. දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් සමාජගත වීමට බලපාන ඉහත ආකාරයේ බාධාවන් අවම කිරීමට සමාජයට හැකි නම් ඔවුන් ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා භුක්ති විඳිනු ඇත. එය ඔවුන් නිසා ලෝකය දරන වියදම සැළකිය යුතු ප්‍රමාණයකින් අවම කරනවා පමණක් නොව නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීම තුලින් ඔවුන් ලෝකයට නව ආදායම් උත්පාදනය කිරීමට ද දායක වනු ඇත.
පවතින තත්ත්වය වෙනස් කිරීම සඳහා දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ද, දෘෂ්‍යාබාධිත නොවන පුද්ගලයන්ට ද සමාන වගකීමක් ඇත. තනි පුද්ගලයන් වශයෙන්, කණ්ඩායම් වශයෙන් සහ සමස්ථ සමාජය වශයෙන් අපට ඒ සඳහා දායක විය හැකිය. යහපත් පෙනීමක් සහිත ඔබ, තනි පුද්ගලයන් වශයෙන් ඔබට හමු වන ඇසුරු කරන දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට අනුකම්පා කර උදව් කිරීමට ඉදිරිපත් වීම සුදුසු නොවේ. ඔහු හෝ ඇය අභිමානයක් සහිත පුද්ගලයෙකි. ඔහුට ඇතැම් දේ ස්වාධීනව කර ගැනීමට හැකියාව තිබෙනවා වන්නට පුලුවන. එසේ නොවන අවස්ථා වලදී ඔවුන් ඔබේ උදව් ඉල්ලා සිටිනු ඇත. එහෙත් උදව් අවශ්‍ය නම් තමා උදව් කිරීමට සූදානම් බව හැඟවීම උදව් ඉල්ලීමට ඔවුන් දිරිමත් කරනු ඇත. ආබාධිත නොවන පුද්ගලයකුට දක්වන ආකාරයේ සමාන පිළිගැනීමක් ලැබීමට ඔවුන්ට සුදුසුකම් ඇත.
ඔවුන් මුහුණ දෙන බාධාවන් අවම කිරීමට අවශ්‍ය පියවර කණ්ඩායමක් වශයෙන් ඔබට ගත හැකිය. උදාහරණයක් ලෙස ඔබගේ සේවා ස්ථානය දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයකුට බාධාවකින් තොරව සේවය කල හැකි ආකාරයේ තැනක් බවට පත් කිරීමට පියවර ගත හැකිය. එමෙන්ම සමාජය වශයෙන් එවැනි පුද්ගලයන්ට බාධාවකින් තොරව, හැකි තාක් ආබාධ නොමැති පුද්ගලයකු හා සමානව සමාජගත වීමට, අධ්‍යාපනය ලැබීමට, රැකියාවක නිරත වීමට සහ සමාන අවස්ථා ලබාගැනීමට අවස්ථාව ලබා දීමට පියවර ගත යුතු ය. දෘෂ්‍යාබාධ සහිත ප්‍රජාවගේ ආබාධිත බව අවම කිරීමටත්, ආබාධය හේතුවෙන් ඇති වන වැය බර අවම කිරීමටත් ඔබට දායක විය හැක්කේ ඒ අයුරිනි.
දෘෂ්‍යාබාධ සහිත ප්‍රජාව ට ද තනි පුද්ගලයන්, කණ්ඩායම් සහ ප්‍රජාව වශයෙන් කල හැකි කාර්යභාරයක් තිබේ. පසුගිය දා මා විසින් සවිස්තරාත්මකව පැහැදිලි කලේ ඒ සම්බන්ධයෙනි. ඔබ දෘෂ්‍යාබාධිත අයෙකු නම්, තනි පුද්ගලයෙක් වශයෙන් ඔබ මුහුණ දෙන අභියෝග නිවැරදිව හඳුනාගැනීම ඉතා වැදගත් ය. ඒවා අවම කිරීමට තනිව ගත හැකි ක්‍රියාමාර්ග හෝ නව ක්‍රමවේදයන් පුහුණු වීමත්, අවශ්‍ය අවස්ථාවේ සහය ඉල්ලා සිටීමත් කල හැකිය. විශේෂයෙන්ම කොන් කිරීමට, වෙනස් කොට සැලකීමට සහ අතවරයන්ට ලක් වීමට බොහෝ සේ ඉඩ ඇති බව තේරුම් ගත යුතු ය. ඒවායින් මානසික පීඩාවන් ඇති වන්නේ නම් ඊට අවශ්‍ය වෛද්‍යමය සහ නීතිමය සහය ඉල්ලා සිටිය හැකිය.
කණ්ඩායම් වශයෙන් දෘෂ්‍යාබාධිත ප්‍රජාවට තම තමන් මුහුණ දෙන පොදු ගැටලු විසඳාගැනීමට එක් එක් අය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම තුලින් එම දැනුම හුවමාරු කරගැනීම ඉතා වැදගත් කරුණකි. කණ්ඩායමක් වශයෙන් ගැටලු විසඳා ගැනීමට කටයුතු කිරීම මගින් තනිව යා හැකි දුරට වඩා බොහෝ දුර යා හැකිය. එමෙන්ම ප්‍රජාවක් වශයෙන් සමාජයේ තමන්ට අහිමි වන අවස්ථා ලබාගැනීමට අදාළ බලධාරීන් වෙත බල කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මීට පෙර සිටි එවැනි පුද්ගලයන් කල උද්ඝෝෂණ නොවන්නට ඔබ අද ලබන වරප්‍රසාද පවා නොලැබීමට ඉඩ තිබිනි. යමක් ලබා ගැනීමට ඉල්ලා සිටිය යුතුය. එය කල හැක්කේ ඔබ ප්‍රජාවක් වශයෙන් එකතු වන්නේ නම් පමණි. දෘෂ්‍යාබාධිත ප්‍රජාව පමණක් නොව සියලු ආකාරයේ ආබාධ සහිත ප්‍රජාව එක් කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීම තුලින් බොහෝ අහිමි වීම් අවම කරගත හැකි බවට ලෝකයේ බොහෝ උදාහරණ තිබේ.
දිනෙන් දින වැඩි වන දෘෂ්‍යාබාධිත ප්‍රජාවට ස්වාධින පුද්ගලයන් ලෙස සමාජගත වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමට එක් වෙමු.
මූලාශ්‍ර:
01. World Health Organization - Vision impairment and blindness (fact Sheet) - October 2017
02. World Health Organization - Socio-economic aspects of blindness and visual impairment - (analysis) - 2003
03. AMD Alliance International - The Global Economic Cost of Visual Impairment - 16 March 2010 Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com1tag:blogger.com,1999:blog-2317708917192166994.post-86532028183470615482017-10-15T07:31:00.002+05:302017-10-15T08:11:13.986+05:30සුවපත් මනසක් - සුවැති වැඩ බිමක්යන්තම් යමක් කමක් තේරෙන වයසෙ ඉඳල හැමෝගෙම ආසාව තමයි කොහොම හරි රස්සාවකට යන එක. සාමාන්‍යපෙළ හරි උසස්පෙළ හරි ඉවර කරපු දවසට පහුවදාම රස්සාවකට යන්න තමයි ට්‍රයි කරන්නෙ. හිසේ කෙස් ගානට ඉන්ටවීව්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කලාට පස්සෙත් කෑ ගහන්නෙ "රස්සා දියව්" කියල. ඔය තරම් මහන්සි වෙලා රස්සාවක් ගත්තට මොකද ගිහිල්ල මාසෙකින් බහුතරයකට රස්සාව එපා වෙලා. වැඩ වැඩියි, බොස් බනිනවා, නිවාඩු ගන්න බෑ, කරදර ගොඩයි. ගොඩක් අවස්ථාවල රැකියා ස්ථාන වල තියෙන පරිසරය සේවකයන්ට මිත්‍රශීලී නැති බව තමයි අහන්න ලැබෙන්නෙ. ඒ තත්ත්වය සේව්‍ය සේවක දෙපාර්ශවයටම අහිතකර විදියට බලපානවා.
ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය (WFMH) කියන විදියට සේවා ස්ථාන වල සිටින සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් කිසියම් මානසික ගැටලුවකින් පීඩා විඳිනවා. ඒ අතරින් සුලබ තත්ත්වයක් තමයි විෂාදය (Depression). ලෝකයේ වැඩ කරන ජනතාවගෙන් 10% ක් ජීවිතයේ කුමන හෝ අවස්ථාවක විෂාද තත්ත්වයන් හේතුවෙන් නිවාඩු ලබාගෙන තියෙනවා. නමුත් ඒ අයගෙන් බාගයක්ම දන්නෙ නෑ තමන් විෂාද තත්ත්වයෙන් පීඩා විඳින බව. මේ මානසික අසමතුලිතතාවය ඇති වන එක් අවස්ථාවකදි පුද්ගලයෙක් ලබාගන්න නිවාඩු ප්‍රමාණය දළ වශයෙන් වැඩ කරන දවස් 36 ක්. ඒ විතරක් නෙමෙයි ජපානයේ කරපු අධ්‍යයනයකට අනුව සේවකයන්ගෙන් 32.4% ක් බරපතල ලෙස කාංසාවෙන් (Anxiety) පීඩා විඳිනවා. මේ තත්ත්වය බලපාන්නෙ සේවකයන්ට විතරක් නෙමෙයි. සේවායෝජකයන්ටත් බලපානවා. චිලී රාජ්‍යයේ කරපු අධ්‍යයනයකට අනුව සේවකයන්ගෙන් 27.9% ක් සහ සේවායෝජකයන්ගෙන් 13.8% ක් ආතතිය සහ විෂාදයේ ලක්ෂණ පෙන්නුම් කරල තියෙනවා.
මේ තත්ත්වය අපේ රටටත් පොදුයි. බස් එකේ, දුම්රියේ යන බොහෝ දෙනෙක් ඉන්නෙ සතුටු මුහුණකින් නෙමෙයි. අනික සේවා ස්ථාන වල ඵලදායීතාවය අඩු වෙන්නත් සේව්‍ය සේවක දෙපාර්ශවයේ මානසික අසමතුලිතතාවයන් හේතු වෙනවා. ඒ නිසා සේවා ස්ථානයේ යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම වැදගත් කාරණයක්. බොහෝ දෙනෙක් හිතන්නෙ මේක ආයතනයේ පරිපාලනය විසින් පමණක් අවධානය යොමු කළ යුතු කාරණයක් විදියට. නමුත් සේව්‍ය සේවක දෙපාර්ශවයටම යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීම සඳහා පියවර ගන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි පොදුවේ කර්මාන්ත ක්ෂේත්රය සහ රාජ්‍ය අංශය පවා මේ වෙනුවෙන් ක්‍රියාත්මක වීම අවශ්‍යයි.
ආයතනික මට්ටමින්, කර්මාන්ත ක්ෂේත්රය විදියට සහ රාජ්‍ය මට්ටමින් අපට කරන්න පුලුවන් මොනවද?
01. නිරන්තර අවධානයෙන් සිටින්න - ඔබගේ ආයතනයේ සේව්‍ය සේවක කණ්ඩායම් වල ආතතිය ඇති විය හැකි අවදානම් අවස්ථා පිළිබඳ අවධානයෙන් සිටීම මගින් එවැනි අවස්ථා මඟහරවා ගැනීමටත්, ඉක්මනින් විසඳුම් සොයාගැනීමටත් අවස්ථාව ලැබේ.
02. වැලැක්වීමට පියවර ගන්න - රැකියාවේ ආතතිකාරී අවස්ථා ඇති වීම අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. එහිදී පුහුණු වෘත්තිකයන්ගේ සහය අවශ්‍ය විය හැකිය.
03. තීරණ ගැනීමේ ක්‍රියාවලියට සියලු දෙනා දායක කරගන්න - සේවා ස්ථානයේ දියුණුව සහ ඉදිරිය පිළිබඳ ගන්නා තීරණ වල දී සේව්‍ය සේවක දෙපාර්ශවයේ ම අදහස් සලකා බැලීමට පියවර ගන්න. එමගින් සේවක කණ්ඩායම් තුල තමා පිළිබඳ ආත්මාභිමානයක් අැති වන අතර තම සේවා ස්ථානයේ අයිතිය පිළිබඳ හැඟීමක් හා තෘප්තිකර බවක් ඇති වේ.
04. කළමනාකරණය - සාර්ථක පුද්ගල කලමනාකරණ ක්‍රමවේද භාවිතා කරන්න. විශේෂයෙන්ම මානව සම්පත් කලමනාකරණ සහ සෞඛ්‍ය කලමනාකරණ ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන්න. හැකි සෑම අවස්ථාවක දී ම සේවකයාගේ හැකියාවට සහ කැමැත්තට ගැලපෙන වගකීම් පැවරීමට උත්සාහ කරන්න. කිසියම් පීඩාකාරී අවස්ථාවක දී තම ගැටලු සාකච්ඡා කල හැකි උපදේශන සේවාවක් ආයතනය තුල ස්ථාපිත කරන්න. යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යා හැක්කේ කෙසේ දැයි කාර්යමණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන්න.
05. සේවා ස්ථානයේ පරිසරය - මානසික බිඳවැටීම් සහ පීඩාකාරී අවස්ථා ඕනෑම අයෙකුට ඇති විය හැකිය. එවැනි අවස්ථාවල දී සේවකයා කොන් කිරීමට සහ වෙනස් කොට සැලකීමකින් තොරව එම තත්ත්වය මඟහරවාගෙන නැවතත් සේවයට පැමිණිය හැකි සේවා වටපිටාවක් ආයතන තුල ඇති කල යුතුය. ඒ සඳහා කාර්යමණ්ඩල පුහුණු කිරීම වැදගත් ය. බොහෝ අවස්ථා වල මානසික ගැටලු වලට ලක් වන පුද්ගලයන් රැකියා විරහිතභාවයට පත් වන්නේ සුවය ලැබූ පසු ඔහු රෝගී වීමට පෙර ලැබූ පිළිගැනීම නොලැබීම නිසා ය.
පුද්ගලයන් විදියට අපට කරන්න පුලුවන් මොනවද?
ඔබ දැනට රැකියාවක් සොයන කෙනෙක් නම්;
01. ඔබ කැමති සහ අකමැති දේ මොනවා දැයි නිවැරදිව තීරණය කරන්න. තමන් කැමති ආකාරයේ රැකියාවක් කිරීම අකමැති ආකාරයේ රැකියාවක යෙදීමට වඩා තෘප්තිමත් බවක් ගෙන දෙයි.
02. ඔබේ හැකියාවන් සහ නොහැකියාවන් පිළිබඳ අවධානය යොමු කරන්න. ඔබගේ හැකියාවට ගැළපෙන වෘත්තියක් තෝරා ගන්න.
03. ඔබට දැනට මානසික පීඩනයක් ඇති කරන කරුණු හා පරිසරය පිළිබඳ අවබෝධයක් ලබාගන්න. ඒවායින් මිදීමට හැකි කෙසේ දැයි සිතා බලන්න.
04. ඔබේ හැකියාවන් සහ සුදුසුකම් වර්ධනය කර ගැනීමට ඇති අවස්ථාවන් ගැන අධ්‍යයනය කරන්න. වැඩි සුදුසුකම් වැඩි අවස්ථා ඇති කරයි.
05. ආතතිය කළමනාකරණය කර ගැනීමේ ක්‍රම, ආවේග පාලනය කර ගැනීමේ ක්‍රම ආදිය පිළිබඳ පුහුණුවක් ලබා ගන්න.
ඔබ දැනට රැකියාවක යෙදෙන කෙනෙක් නම්;
01. ඔබ මුහුණ දෙන ගැටලුකාරී අවස්ථා වල දී ඔබේ සමීපතමයන් හෝ ආයතන ප්‍රධානීන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කරන්න. හැඟීම් ප්‍රකාශ කිරීම ම ප්‍රතිකාරයකි.
02. ක්‍රියාශීලී වන්න - ව්‍යායාම කිරීම ඔබේ ශරීරය මෙන්ම මනස ද නිරෝගී කරයි. සතියට දින 3 ක් වත් ව්‍යායාම සඳහා ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ව්‍යායාමයක හෝ යෝගා වැනි ක්‍රියාකාරකමක නිරත වන්න.
03. සමබර ආහාර වේලක් නිසි වෙලාවට ලබාගන්න - නිසි වෙලාවට නිසි ආහාර නොගැනීම ඔබේ කායික නිරෝගී බව මෙන්ම මානසික සමතුලිතතාවය ද නැති කරයි.
04. මත්ද්‍රව්‍ය ගැනීමේදී සැලකිලිමත් වන්න - හැකිතාක් මත්ද්‍රව්‍ය වලින් ඈත් වන්න. ඔබ මත්පැන් පානය කරන අයෙක් නම් කිසියම් මානසික පීඩාකාරී අවස්ථාවක දී ඊට වැඩියෙන් නැඹුරු වීමට ඉඩ ඇත. එය ඔබේ පීඩාව තවත් වැඩි වීමට හේතු වේ. එබැවින් එවැනි අවස්ථා පිළිබඳ සැලකිලිමත් වන්න.
05. යහපත් සමාජ සම්බන්ධතා පවත්වාගන්න - විශේෂයෙන්ම තම පවුලේ අය සහ මිතුරු මිතුරියන් ඇසුරු කරන්න. සමාජ සම්බන්ධතා වලින් ඈත් වීම මානසික පීඩාකාරී තත්ත්වයන් වලදී සුලබ තත්ත්වයකි. එ් පිළිබඳ අවධානයෙන් සිටිමින් එම සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීම වැදගත් ය.
06. අවශ්‍ය අවස්ථා වල දී උදව් ඉල්ලන්න - ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක දී අන් අයගේ උපකාර අවශ්‍ය විය හැකිය. උදව් ඉල්ලීම මගින් ඔබ දුර්වලයෙක් යැයි නිගමනය නොවේ. එයින් අදහස් වන්නේ ඔබ උදව් ඉල්ලීමට තරම් බුද්ධිමත් සහ ශක්තිමත් බව ය.
07. විවේකයක් ගන්න - ඇතැම් අවස්ථා වල අපට සේවයෙන් විවේක ගැනීමට අවශ්‍ය විය හැකිය. එයින් ඔබට නව ජවයකින් ඉදිරි වැඩ කටයුතු ආරම්භ කල හැකි වනු ඇත. විනෝද චාරිකාවක යෙදීම, විවේකී දිනයක් ගත කිරීම වැනි දේ ජීවිතයේ කොටසක් කර ගන්න.
08. ඔබ ඔබ ම වන්න - ඔබේ අවශ්‍යතා, ඔබේ රුචි අරුචිකම් පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්න. ඒ අනුව කටයුතු කිරීමට බිය නොවන්න. අන් අයට ඔබ විනිශ්චය කිරීමට ඉඩ නොතබන්න.
09. අන් අයට උදව් කරන්න - අන් අයට උදව් කිරීම විශාල තෘප්තියක් ඇති කරයි. උදව් අවශ්‍ය අයට උදව් කිරීම මගින් ඔබගේ වෘත්තීය වටපිටාව තෘප්තිකර එකක් වනු ඇත.
10. නව මංපෙත් සොයා යන්න - දැනට යෙදෙන රැකියාව තවදුරටත් පීඩාකාරී වන්නේ නම් ඔබගේ හැකියාවට සහ කැමැත්තට වඩාත් ගැළපෙන වෘත්තීය අවස්ථා ගැන සොයා බලන්න. වෘත්තීය දියුණුවක් සෙවීම නරක ලක්ෂණයක් නොවේ.
උත්සාහ කරමු. සුවපත් මනසක් - සුවැති වැඩබිමක් ඇති කර ගනිමු.
මේ තියෙන්නෙ හිතෙන හැටි ෆේස්බුක් පිටුව. ලයික් එකක් දැම්මොත් ඊළඟට ලියන පෝස්ට් ගැන දැනගන්න පුලුවන්.
Source - World Federation of Mental Health report 2017
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com4tag:blogger.com,1999:blog-2317708917192166994.post-62473491234603788922017-10-03T00:35:00.000+05:302017-10-03T00:35:26.028+05:30හිත රිදෙනවද? එහෙනං නිවාඩු දවසෙ දියත උයනට එන්න..."අද අපේ බොස් මට බැන්නා. මගෙ හිත සෑහෙන්න රිදුනා" කියන නෝනල මහත්තුරු අපි අනන්තවත් දැකල තියෙනවා. කාට හරි හිතුනද ඔය රිදෙන හිත කොහෙද තියෙන්නෙ කියල? මොළයේ ද? හදවතේ ද? නැත්තං කොහෙද?
හිත රිදෙන එක දැන් විලාසිතාවක් වෙලා. ඔෆිස් වල වැඩ කරන අය හැම 10 දෙනෙක්ගෙන්ම එක්කෙනක්ට හිත රිදිලම මනස ලෙඩ වෙලා ප්‍රතිකාර ගන්න වෙනවා. ඒ වගේ හිත රිදෙන අය හින්දා අවුරුද්දකට ලෝකයේ වැඩ කරන දවස් 36 ක වටිනාකමක් නැති වෙලා යනව.
හිතෙන හැටි කියවන අයගෙන් ගොඩක් අයගෙත් ජීවිතේ එක පාරක් හරි රාජකාරි ජීවිතයේ දි හිත රිදිල ඇති. ඉතිං මේක බොහොම පොදු ප්‍රශ්නයක්. ඒ හින්දම ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය මේ අවුරුද්දෙ ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව විදියට "Mental Health in the Workplace" (සුවබර මනසක් - සුවැති වැඩබිමක්) කියන තේමාව යොදාගෙන කාර්යාල වල, වැඩබිම් වල මිනිසුන් මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටළු ගැන කතා කරන්න තීරණය කලා.
ඉතිං, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අපිත් තවත් සංවිධාන ගොඩක් එක්ක එකතු වෙලා මහජන ප්‍රදර්ශනයක් සංවිධානය කරල තියෙනවා.
දවස: ඔක්තෝබර් 05
වෙලාව: උදේ 10 - සවස 6
තැන: බත්තරමුල්ල, දියත උයන
අයකිරීම: නොමිලේ
මේ බ්‍රහස්පතින්දා (පෝය දවසෙ) පවුලෙ හැමෝම එක්කගෙන දියත උයනට ආවොත් හිත තියෙන්නෙ කොහෙද කියල විතරක් නෙමෙයි හිත රිදෙන හැටි, හිත රිදෙන එක වලක්වාගන්න හැටි වගේ ගොඩක් දේවල් දැනගන්න පුලුවන්.
එහෙනං බ්‍රහස්පතින්දා දියත උයනෙදි හමු වෙමු.
එන්න, අපි අපේ මානසික සෞඛ්‍යය ගැන කතා කරමු....!
කහටලියද්දට පායන ඉර
අත කඩා ගත් තිලිණි
මා මේ මොහොතේ සිටින මේ භූමිය 1926 ට පෙර හැඳින්වූයේ "පිස්සන් කොටුව" හෙවත් Lunatic Asylum යන නමිනි. ටොරින්ටන් හි පිහිටුවනු ලැබූ පිස්සන් කොටුව ලංකාවේ දෙවන පිස්සන් කොටුව යි. පළමුවැන්න බොරැල්ලේ තිබූ බව කියවෙන නමුත් එහි ශේෂයන් දක්නට නොමැත. එහෙත් මෙම පිස්සන් කොටුව පසු කාලීන ව ලංකා ගුවන්විදුලිය (Radio Ceylon) බවට පත් කරන ලදින් එය සුරැකිනි.
රූපවාහිනී වෙළඳ දැන්වීමක පෙනී සිටින එක්තරා රංගන ශිල්පිනියක් "අඹ කපන්න විතරක් පිහියක් ගන්නෙ ආයෙ පිස්සුවටයැ" යි කියන්නී ය. මා ගෙදර සිටි කාලයේ සතියකට දෙතුන් වතාවක් මගේ කාමරයට එන අම්මා "මේක පිස්සන් කොටුව වගේ නොතිය ටිකක් සුද්ද කර ගනිංකො" යැයි බැන වැදීම පුරුද්දක් ව පැවතිනි. මීට ටික කාලයකට පෙර මා විසින් කරන ලද ක්‍රියාවක් විවේචනය කල අයෙක් සැනසීමට තවෙකෙක් "ආ වැඩිය ගණන් ගන්න එපා. පිස්සු නෙ." යැයි පවසා තිබූ බව මට පසුව ආරංචි විය.
මේ අනුව බලන කල පෙනී යන්නේ "පිස්සු" යන වචනය මානසික අසමතුලිතතාවයක් පවතින, වැරදි අවබෝධයන් සහිත, තනිව තීරණයක් ගත නොහැකි, වැරදි නිගමන වලට එළඹෙන, අපිරිසිදු පුද්ගලයන් කණ්ඩායමක් හැඳින්වීමට භාවිතා කරන බව ය. මීට සියවසකට පමණ ඉහත දී කිසියම් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයන් හැඳින්වීමට එම වචනය භාවිතා කරන ලද්දේ එකී ලක්ෂණ සැලකිල්ලට ගනිමිනි. එහෙත් වර්තමානයේ එවැනි ලක්ෂණ සහිත මානසික ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් දැකිය හැක්කේ කළාතුරකිනි. එබැවින් "පිස්සු" යන වචනය පොදු භාවිතාවේ යොදා ගැනෙන වචනයක් බවට පත් ව ඇත.
කිසියම් පුද්ගලයෙක් අවස්ථාවට නොගැලපෙන හෝ නිරීක්ෂණය කරන පුද්ගලයාගේ අවබෝධයට හෝ තෝරාගැනීමට පටහැනි හැසිරීමක්, කතාබහක්, තීරණ ගැනීමක් පෙන්වූ අවස්ථා වල අපි ඔහුට හෝ ඇයට "පිස්සුදැ" යි අැසීමට පුරුදු වී සිටිමු. එහෙත් බොහෝ විට එකී හැසිරීමට ඒ පුද්ගලයාගේ "හැටි" වීමට ඉඩ තිබේ. කොටින්ම ඉස්සර සිටි "පිස්සු" පුද්ගලයන් දැන් නැති නිසා කිසියම් මානසික ආබාධයක් අත්විඳින පුද්ගලයකුට පවා "පිස්සු" යැයි ආමන්ත්‍රණය කිරීමට අපට ඇති හැකියාව සීමා සහිත ය. එබැවින් පිස්සු දැයි ඇසිමට පෙර අප දෙවරක් සිතිය යුතු ය.
දැන් මානසික ආබාධය යන්න පැරණි "පිස්සු" රාමුව අභිබවා ගොස් ඇත. ඉස්සර පිස්සු හැදුනොත් ඔහු හෝ ඇය "පිස්සන් කොටුවට" ගෙන ගොස් දැමිය යුතු ය. ඒ ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට වන හානිය වලක්වා ගැනීමට ය. එහෙත් ලෝකය ඉදිරියට යමින් තිබෙන බවත්, මිනිස් මනස ගැන ඉස්සර නොදැන සිටි බොහෝ දේ මිනිසා දැන ඉගෙන ඇති බවත් අප තේරුම් ගත යුතු ය. මානසික රෝගය යනු හෘදයාබාධයක් හෝ දියවැඩියාව වැනි ම රෝගී තත්ත්වයක් බවත්, නිසි ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමෙන් රෝග ලක්ෂණ මැඩ පවත්වාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට හැකියාව ඇති බවත් දැන් පිළිගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ 2005-2015 මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් දිස්ත්‍රික් මට්ටම දක්වා මානසික රෝගී නේවාසික ප්‍රතිකාර සේවා ව්‍යාප්ත කරන ලද්දේ ඒ අනුව ය. දැන් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයන්ට තම දිස්ත්‍රික්කයේ මහරෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමටත් රෝග ලක්ෂණ පහව ගිය පසු නැවත නිවසට ගොස් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටත් අවස්ථාව සැලසී තිබේ. එමෙන්ම නිවසට ආසන්නතම රෝහලෙන් පසුවිපරම් සහ ප්‍රතිකාර ලබාගැනීමට ද හැකියාව ඇත.
එබැවින් යටත්විජිත සමයේ අප මානසික රෝග සහ රෝගීන් දෙස බැලූ කෝනය වෙනස් කර ගැනීමට කාලය එළඹ ඇත. අප එදා දුටු පිස්සුවට වඩා දැන් මානසික රෝගී තත්ත්වයන් වැඩියෙන් හඳුනාගනිමින් තිබේ. කිසියම් හෝ මානසික ආබාධයක් හේතුවෙන් රටට අහිමි වන මිනිස් පැය ගණන ගණන් බැලෙන්නේ ලක්ෂ ගනනින් නොව කෝටි ගණනිනි. එබැවින් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකුට නිසි ප්‍රතිකාර ලබා හැකි ඉක්මනින් නැවත සමාජගත වීමට අවශ්‍ය සමාජමය පිළිගැනීම ලබා දීම අත්‍යවශ්‍ය කරුණකි.
දැන් මානසික සෞඛ්‍යය පිළිබඳ නිර්වචනයට රෝග මට්ටම අභිබවා පුළුල් පරාසයක් අන්තර්ගත කර ඇත. ඔබ කාර්යාලයේ දී, නිවසේ දී හෝ වෙනයම් අවස්ථාවක අත්විඳින ආතතිකාරී අවස්ථා වල සිට, ඉතා බරපතල ඝනයේ මානසික රෝගී තත්ත්වයන් දක්වා විශාල පරාසයක අයහපත් මානසික සෞඛ්‍යය පිළිබඳ සංකල්පය විහිදී යයි. ජීවිතයේ කවර හෝ අවස්ථාවක ලේඛණගත මානසික රෝගයක් වැළඳීමේ හැකියාව පුරුෂයන්ගේ 10% කි. කාන්තාවන්ගේ 25% කි. සෑම පවුල් 4 කින් ම එකක කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක් සිටින බව සංඛ්‍යාලේඛණ පෙන්වා දෙයි.
හෙට දවසේ ඔබ හෝ මම කිසියම් මානසික රෝගයක ගොදුරක් වීමට ඇති හැකියාව කිසිවෙකුට අනුමාන කල නොහැකි ය. මොළයක් ඇති ඕනෑම අයෙකුට මානසික රෝගයක් වැළඳීමේ කිසියම් අවදානමක් තිබේ. කිසිවකු තුල අප දකින කිසියම් වෙනස් හැසිරීමක් "පිස්සු" ලෙස නොව ඒ පුද්ගලයාගේ "හැටි" ලෙස දකින්නට පුරුදු විය යුත්තේ එබැවිනි. "පිස්සුවේ හැටි" එහෙම ය.
අවසාන වශයෙන් මාසයකට පසුව වුව ද කල යුතු ස්තුතියක් තිබේ. තමන්ගේ සල්ලි වලින් සම්මාන උළෙලක් පවත්වා මදි වී ඒ සඳහා සහභාගී වන බ්ලොග්කරුවන්ට කොළඹ සිට ප්‍රවාහන පහසුකම් ද සලසා දීමට තරම් පිස්සුවක් තිබූ ඉන්දික උපශාන්ත සහ දුෂාන් කරවිට සහෘද බ්ලොග්කරුවන්ට හා එහි දේශීය බර කරට ගත් අතුල තිලක් රණසිංහ, ලක්මාල් කන්දෙවිදාන සහ සුමිත් කලණසිරි ආදීන්ට ය. ඒ ඔවුන්ගේ හැටි ය. ඒ හැටිය විශිෂ්ඨ ය.
නැවත හමු වෙමු....!
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com6tag:blogger.com,1999:blog-2317708917192166994.post-90199486073506851292017-05-30T22:32:00.000+05:302017-05-30T22:32:36.279+05:30සහන සේවා වල යෙදෙන දයාබර ඔබ වෙනුවෙනි... ආපදා ආශ්රිත ආතතියෙන් මිදෙමු...ගංවතුර ගම් බිම් යට කරමින් ගලා ගොස් තිබේ. ජීවිත සිය ගනනක් ද, මිල කල නොහැකි තරම් දේපල ද සැඩ පහරට හසුවිය. මියැදෙමින් සිටින ජීවිත එකින් එක බේරාගන්නට කැප වූ ස්වේච්ඡා සහන සේවකයන් සංඛ්‍යාව දහස් ගණනකි. ඔවුන් පුහුණු ගලවාගැනීමේ සෙබලුන් නොවේ. ආපදා අවස්ථා වලට මුහුණ දීමට පුහුණු කරනු ලැබූවන් ද නොවේ. එහෙත් අවස්ථාවට වඩාත්ම අවැසි දේ ඔවුන් අතින් ඉටු වෙයි. එවැනි විශාල හදවත් ඇති ස්වේච්ඡා තරුණ කණ්ඩායම් නොවන්නට මේ ආපදාවේ හානිය තව සිය ගුණයකින් වැඩි වන්නට ඉඩ තිබිනි. එහෙත් ආපදාව විසින් සහ ආපදාමය වටපිටාව විසින් සහන සේවකයන් වෙත කරනු ලබන බලපෑම ද සුලු පටු නොවේ. එබැවින් මේ අදහස් ටික සහන සේවා වල නිරත වෙමින් අමිල සේවාවක් ඉටු කරන ඔබ වෙනුවෙනි.
ආපදා අවස්ථා ස්වභාවයෙන්ම ආතතිකාරී ය. පීඩාවට පත් වූවන්ගේ දුක, අවදානම් වටපිටාව විසින් ඇති කරන බිය, බොහෝ විට සිදු විය හැකි කලබලකාරී සහ ආවේගශීලී තත්ත්වයන් සහ අධික වෙහෙස ඔබ වඩ වඩාත් ආතතියට ලක් කරනු ඇත. ආතතිය "නරක" දෙයක් නොවේ. කිසියම් මට්ටමක් දක්වා ඇති වන ආතතිය මගින් ඔබගේ අවධානය, වැඩ කිරීමේ හැකියාව සහ උනන්දුව වැඩි කරන අතර වෙහෙස පලවා හරිනු ඇත. එහෙත් එම සීමාව ඉක්මවා යාම ඔබ වෙහෙසකාරී, අවධානය අඩු, ඉක්මනින් කෝපයට පත් වන අයෙකු බවට පත් කරනු ඇත.
ඔබගේ හුරු පුරුදු පරිසරයෙන් ඉවත්ව ආපදාමය පරිසරයකට යාම සහ අඩු සම්පත් ප්‍රමාණයක් භාවිතා කිරීම, ස්වේච්ඡා සම්පත් දායකයකු බවට පත් වන මොහොතේම ඔබ අපේක්ෂා කරන නමුත් එය ඔබ තුල පෙර නොපැවති සරල ආතතියක් (Basic stress) ඇති කරනු ලබයි. එහෙත් කාලයත් සමග ඔබ එම වටපිටාවට හුරු වන විට එම ආතතිය මගහැරී යයි. එහෙත් සුලු ආතතිකාරී සිද්ධීන් (උදා: බලාපොරොත්තු කඩවීම, අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම, අනපේක්ෂිත කරදර, බැනුම් අවලාද වගේ දේවල්) දිගින් දිගටම සිදු වීමේ දී Cumulative stress හෙවත් ටිකෙන් ටික ආතතිය එකතු වී බරපතල ආතතිකාරී තත්ත්වයකට පත් වීමට ඉඩ ඇත. එමෙන්ම ආපදා අවස්ථාවක දී සහන සේවකයන් traumatic stress හෙවත් අප්‍රසන්න ආතතිය ඇති වෙන්න පුලුවන්. ඒකට හේතුව මරණ දැකීම, විශාල විනාශයන් දැකීමට ලැබීම, උදව් ඉල්ලන අවස්ථා වල උදව් කිරීමට හැකියාවක් නොමැති වීම වගේ දේවල්.
ඒ නිසා සහන සේවා ආරම්භ කිරීමට කලිනුත්, සහන සේවා වල නිරත වෙන අතරතුර දී ත්, සහන සේවා අවසන් කලාට පස්සෙත් මේ ආතතිය අවම කරගන්න ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. මුලින්ම ආපදා සහන සේවා ආරම්භ කරද්දි මේ වගේ ආතතීන් ඇති වෙන්න පුලුවන් බව දැනගැනීමත්, ඒ සඳහා සූදානම් වීම ඉතා වැදගත්. ඒ වගේම ආතතිය කියන්නෙ නරක හෝ වැරදි දෙයක් නොවන බවත්, එය හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ඉතා ප්‍රයෝජනවත් බවත් අවබෝධ කරගත යුතු වෙනවා. වැදගත්ම දේ ආතතිය ප්‍රමාණවත් මට්ටම ඉක්මවා යනවද කියන එක ගැන අවධානයෙන් ඉන්න එක. ඒ විතරක් නෙමෙයි, තමන්ගෙ හැකියාවන් මොනවද? තමන්ගෙ සීමාවන් මොනවද? කියන එක අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කිරීමත්, ශරීරය විසින් ලබා දෙන පණිවිඩ (වෙහෙස, කුසගින්න වැනි) පිළිබඳ අවධානයෙන් සිටීමත් ඉතා වැදගත්.
සහන සේවා වල නිරත වෙන අතරතුර ආතතිය අවම කරගන්න නම් ඔබ ඔබ ගැනම විනයක් පවත්වා ගත යුතු වෙනවා.
01) ඔබේ සීමාවන් දැනගෙන ඒ අනුව කටයුතු කරන්න (උදා: ගංවතුර පවතින ප්‍රදේශ වල කටයුතු කිරීමේදී තමාට ආරක්ෂා විය හැකි ජල මට්ටම ගැන අවබෝධයක් ඇති කරගැනීම)
එය එක පැත්තකින් ඔබේ ජීවිතය ආරක්ෂා කරගනිමින් වැඩි පිරිසකට සේවා සැපයීමට උදව්වක් වෙනවා. මොකද ස්වේච්ඡා සහන සේවා කටයුතු හැම කෙනෙකුටම කරන්න අමාරුයි. ඒ නිසා ඔබ රටට සම්පතක්. ඔබේ ජීවිතය රටට වටිනවා. ඒ නිසා ඔබේ ආරක්ෂිත සීමාවේ කටයුතු කරන්න.
02) විවේක ගන්න
ශරීරය විසින් ඉල්ලා සිටින අවස්ථා වල ප්‍රමාණවත් විවේකයක් ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ශරීරය විඩාවට පත් වෙන්නෙ විවේකය අවශ්‍ය වුණාම. ඒ වෙලාවට ටිකක් විවේකීව ඉඳලා ආයෙ වැඩි ශක්තියකින් වැඩ කරන්න උත්සාහ කරන්න.
03) ප්‍රමාණවත් නින්දක් ලබාගන්න
නින්ද ඕනෑම කෙනෙකුට අවශ්‍ය දෙයක්. මොකද ශරීරයේ ගෙවී යන කොටස් නැවත සකස් වෙන්නෙ නින්දේ දි. ඔබ නිදි නොලබා වැඩ කලොත් ඔබට වැඩි කාලයක් වැඩ කරන්න ලැබෙන්නෙ නෑ. නමුත් ඔබ ප්‍රමාණවත් නින්දක් ලබා ගනිමින් වැඩ කලොත් වැඩි කාලයක් වැඩි පිරිසකට සේවය කරන්න අවස්ථාව ලැබෙයි.
04) වෙලාවට කන්න
සමහරවිට ඔබට කෑමට ලැබෙන්නෙ බනිස් ගෙඩියක් වෙන්න පුලුවන්. නමුත් බඩගිනි වෙලාවට ඒක කන්න. ඔබ කෑමට වැය කරන විනාඩි 3-4 නිසා ඔබේ ආතතිය සෑහෙන දුරකට අඩු කරන්න පුලුවන්. ඒ නිසා උදේ ගෙදරින් එලියට බහින්න කලින් බඩ පිරෙන්න කාල යන්න. අතරතුරදි කෙටි ආහාරයක් හරි ලබාගන්න උත්සාහ කරන්න. මොකද බඩගින්නෙ ඉද්දි ගොඩක් තරහ යනවා. ඒ කියන්නෙ ඔබේ ආතතිය වැඩි වෙනව කියන එක.
05) මත්ද්‍රව්‍ය ගන්න එක අඩු කරන්න/නවත්වන්න.
මත්ද්‍රව්‍ය නිසා ආතතිය වැඩි වෙනව කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයිනෙ.
06) සැහැල්ලු වීමට වෙලාවක් යොදාගන්න.
සමහර විට ගැඹුරු හුස්මක් ගන්න එක වෙන්න පුලුවන්, සින්දුවක් අහන එක වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් කට්ටිය එක්ක පොඩි කයියක් ගහන එක වෙන්න පුලුවන්. ඔබට අවස්ථාවෙ හැටියට සැහැල්ලු වෙන්න පුලුවන් ඕනැම ක්‍රියාකාරකමක් කරන්න පොඩි වෙලාවක් යොදාගන්න.
07) කණ්ඩායම එක්ක එකට වැඩ කරන්න.
තනියම වැඩ කරනවට වඩා කණ්ඩායමක් එක්ක වැඩ කරන එක ආරක්ෂිතයි, ඒ වගේම ආතතිය අඩුයි.
ඔබට හිතුනොත් මම ආතතියෙන් ඉන්නෙ කියල, මොකද කරන්න ඕන?
නිතර තරහ යනවනං, වැඩ කරන්න එපා වෙලා නං, කණ්ඩායමේ අනිත් අය රුස්සන්නෙ නැත්නං, නින්ද හොරයි නං ඔබගේ ආතතිය ටිකක් වැඩි වෙලා වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට;
01) ආතතිය ඇති කරන හේතුව හඳුනාගන්න.
- කණ්ඩායමේ ගැටලුවක්ද?
- වැඩ කරන විදියෙ ගැටලුවක්ද?
- පුද්ගලික ගැටලුවක්ද?
ඔය වගේ තමන්ගෙ ආතතිය වැඩි කරන ගැටලුව හඳුනාගන්න එකම ආතතිය යම් පමණකින් අඩු කරනවා.
02) ඔබේ ගැටලුව ගැන කණ්ඩායමේ සමීපතමයන් සමග කතා කරන්න.
බොහෝවිට ඒ අය ඔබට උදව් කරයි.
03) ආතතිය අඩු කරගන්න කරන්න පුලුවන් දේවල් ගැන හිතන්න.
- කණ්ඩායම මාරු කරන එක
- දවසක් දෙකක් වැඩ වලින් ඈත් වෙලා ඉන්න එක
- පවුලේ අය එක්ක සමීපව කටයුතු කරන එක
ඔබ ආතතියෙන් පෙළෙනවා කියල හිතෙනව නං;
- ඔබ යහපත් තත්ත්වයෙන් හිටියොත් තමා අනිත් අයට උදව් කරන්න පුලුවන් කියල මතක තියාගන්න.
- ආතතිය කියන්නෙ විවිධ අවස්ථා අනුව අඩු වැඩි වෙන්න පුලුවන් සාමාන්‍ය තත්ත්වයක් කියන එක අවබෝධ කරගන්න.
- ආතතිය වැඩි කරන දේවල් වලින් ටිකකට ඈත් වෙන්න. (වැඩි වගකීම්, වැඩි වැඩ, අකමැති අය වගේ)
- ටිකක් විවේක ගන්න
- හිත හැදෙන්න දවසක් දෙකක් දෙන්න
- තමන්ට ආදරය කරන අය එක්ක කාලය ගත කරන්න
ඒත් විසඳුමක් නැත්නම්;
උපදේශකවරයෙක් හමු වෙන්න. ඔබට අමතර සහයක් අවශ්‍ය විය හැකියි.
මතක තබාගන්න;
ඔබ හොඳින් හිටියොත් තමයි අනිත් අයට උදව් කරන්න පුලුවන් වෙන්නෙ.
- ජාත්‍යන්තර රතුකුරුස කමිටුව විසින් නිකුත් කල Humanitarian action and armed conflict - Coping with stress අත්පොත ඇසුරිනි (1992)Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com2tag:blogger.com,1999:blog-2317708917192166994.post-74340622408734802032017-05-04T22:24:00.000+05:302017-05-04T22:42:21.047+05:30රුධිර පරීක්ෂණ හරහා ඒඩ්ස් බෝ කිරීමලෝකයේ වෛද්‍ය විද්‍යාව කොයි තරම් දියුණු වුණත් සමහර රෝග වලට ප්‍රතිකාර හොයාගන්න වෛද්‍ය විද්‍යාවට තවමත් හැකියාව ලැබිල නැහැ. ඒ විදියට ප්‍රතිකාර හොයාගන්න බැරි වුණ එක රෝගාබාධ කොටසක් තමයි ඇතැම් වෛරස් රෝග. එයින් එකක් තමයි HIV, එහෙමත් නැත්නම් මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය කියල කියන්නෙ. මොකක්ද මේ HIV කියල කියන්නෙ? HIV කියන එකයි AIDS කියන එකයි දෙකම එකද? මේ ගැන පොඩ්ඩක් හොයන්න හිතුනෙ අද ආපු මෙන්න මේ පණිවිඩය නිසා.
//හදිසි අනතුරු හැඟවීමයි!
ඔබේ නිවසට පැමිණ නොමිලේ ඔබේ ලේ පරීක්ෂා කර දෙනවා යයි කිසිවෙක් කීවොත් වහාම ඔහුව හෝ ඇයව පොලීසියට හසු කර දෙන්න. ඉන්සියුලින් කියා එච්. අයි.වී. ඒඩ්ස් රෝගය සහිත වයිරසය ඔබේ ශරීර ගත කිරීමට අයි එස් අයි එස් සංවිධානයෙන් එවූ නියෝජිතයෙක් විය හැක. ඔවුන් පවසන්නේ විශ්ව විද්‍යාලයකින් හෝ රාජ්‍ය ආයතනයකින් කියා වුවත් විශ්වාස නොකරන්න. මෙය හැකි ඉක්මනින් හැකි තරම් ඔබේ මිතුරන් දැනුවත් කරන්න. නිවෙස් වල වැඩිහිටියන් විශේෂයෙන් දැනුවත් කර තබන්න.//
ඡායාරූප අන්තර්ජාලයෙනි
මේ පළවෙනි වතාව නෙමෙයි. මීට පෙර අවස්ථා ගණනාවක්ම විවිධ ආකාර වලින් ඒඩ්ස් රෝගය බෝ කරන්න උත්සාහ කරනව කියල ප්‍රචාරයන් පැතිර ගියා. ඒවට බය වුණ අයත් හිටියා. එහෙම බය වෙන එකේ අසාධාරණයක් නෑ. මොකද ඇත්තටම සමහර වසංගත රෝග බලෙන් බෝ කරල මිනිසුන් විනාශ කිරීම සමහර ත්‍රස්ථ සංවිධාන කරන දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත් කාලයක් Anthrax කියන බැක්ටීරියාව ඇමෙරිකාවේ මර්මස්ථාන වලට තැපැල් මගින් යවපු අවස්ථා තිබුණා. ඒ විදියටම ත්‍රස්ථවාදීන්ට අවශ්‍ය නම් ඒඩ්ස් බෝ කරල මරන්නත් පුලුවන් ඇති කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්.
මොකක්ද AIDS කියන්නෙ?
acquired immunodeficiency syndrome (AIDS) කියල කියන්නෙ මානව ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය. මේ රෝගය හැදෙන්නෙ HIV - Human Immunodeficiency Virus (මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය) ආසාදනය වීමෙන්. හැබැයි සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ආසාදනය වෙලා පැය ගණනාවකින් රෝග ලක්ෂණ පහළ වෙනව වගේ HIV ආසාදනය වුණ කෙනෙක් AIDS රෝගියෙක් බවට පත් වෙන්නෙ නෑ. වෛරසය ආසාදනය වෙලා අවුරුදු 10 ක් හෝ ඊට වැඩි කාලයකට පස්සෙ තමයි ආසාදිතයා AIDS රෝගියෙක් බවට පත් වෙන්නෙ. නමුත් HIV ආසාදනය වෙලා සතියක් විතර යනකොට රුධිර පරීක්ෂණයක් මගින් වෛරසය ආසාදනය වෙලාද කියල දැනගන්න පුලුවන්.
කොහොමද HIV බෝ වෙන්නෙ?
ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා.
අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් මගින් (ආසාදිතයකුගේ ලිංගික ස්රාවයන් වෙනත් අයෙකුගේ ලිංගික අවයව , මුඛය හෝ ගුද මාර්ගයේ ආස්තරන පටක වෙත ස්පර්ශවීමෙන්)
රුධිර හෝ එහි නිෂ්පාදන මගින් (ශිරාගත කර ගනු ලබන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැනි හවුලේ එන්නත් කටු ආදිය භාවිතා කරන්නන් සහ රුධිර පාරවිලයනයට ලක්වන රෝගීන් වැනි අය. එහෙත් ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයනයේදී HIV සදහා පරීක්ෂා කිරීම මගින් එහි අවදානම අවම කරගෙන ඇත.)
ආසාදිත මවගෙන් දරුවාට ( වෛරස මවගෙන් දරුවාට ගමන් කිරීම කුස තුළ දී, දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවලදී හෝ මව් කිරි දීමේදී සිදුවිය හැකිය. මෙලෙස රෝග ව්‍යාප්ත වීමේ හැකියාව 25% කි. ප්‍රති වෛරස ඖෂධ හෝ සිසේරියන් සැත්කමක් සිදු කිරීම මගින් මෙම අවධානම 1% දක්වා අඩු කළ හැකිය.)
ඡායාරූප අන්තර්ජාලයෙනි
කෙනෙකුට HIV ආසාදනය වුණාම ඒ බව එක පාරටම දැනෙන්නෙ නෑ. වෛරසය ශරීරගත වීමෙන් සති 6 කට විතර පස්සෙ හිසරදය, උගුරේ අමාරුව, වසා ගැටිති ඉදිමීම, උණ ඇති විය හැකියි කියල කියනවා. නමුත් එහෙම වෙන්නෙ HIV නිසා විතරක්ම නොවෙන නිසා හරියටම වෛරසය ආසාදනය වෙලා කියල ඒකෙන් කියන්න බැහැ. කරන්න තියෙන හොඳම දේ තමයි රුධිර පරීක්ෂාවක් කරගන්න එක.
තමන්ට වෛරසය ආසාදනය විය හැකි තරමේ අවදානම් අවස්ථාවකට මුහුණ දුන්නට පස්සෙ ළගම මහරෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට ගිහිල්ල රුධිර පරීක්ෂණයක් නොමිලේ ම කරගන්න පුලුවන්. වැඩි විස්තර ඕනනං සේරම් පෙදෙසේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් දැනගන්න පුලුවන්. දුරකථන අංකය 011 2 667 163.
කොහොම වුණත් පරිස්සම් වෙන එක හොඳයිනෙ?
අනිවාර්යයෙන්ම වෛරසය ශරීරගත වෙන්න කලින් පරිස්සම් වෙන එක හොඳයි. ඒකට කරන්න තියෙන්නෙ බොහොම සුලු ආරක්ෂක පියවර කිහිපයක් ගන්න එක විතරයි.
ලිංගික සම්බන්ධතා සඳහා විශ්වාසවන්ත එක් සහකරුවෙක්/සහකාරියක් පමණක් ඇසුරු කරන්න.
විවාහයෙන් බාහිර ලිංගික සම්බන්ධතා පවත්වන්නේ නම් ආරක්ෂිත උපක්‍රම (කොන්ඩම්) භාවිතා කරන්න.
රුධිර පරීක්ෂණ වලදී අලුත් සිරිංජ සහ එන්නත් කටු භාවිතා කරන ලෙස ඉල්ලා සිටින්න. (දැනට ශ්‍රී ලංකාවේ කිසිදු රෝහලක එන්නත් කටු නැවත භාවිතා නොකරයි)
මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම, පච්ච කෙටීම ආදී සම සිදුරු කිරීම් වලින් වැලකී සිටින්න.
HIV ගැන පැතිරුණු දුර්මත ගණනාවක් තියෙනවා. එකක් තමයි හුළඟෙනුත් ඒඩ්ස් බෝවෙනවා කියන එක. ඇත්තටම HIV වලට සාමාන්‍ය පරිසරයේ ජීවත් වෙන්න බැහැ. ඒ නිසා හුළගෙන් HIV පැතිරෙන්න විදියක් නෑ. ඒ විතරක් නෙමෙයි සමට සම ස්පර්ෂ වුනා කියලා, අතට අත දුන්නා කියලා, වැළඳ ගත්තා කියලා, සිපගත්තා කියලා, එකම වැසිකිළියක් පාවිච්චි කළා කියලා ඒ විතරක් නෙවෙයි එකම වීදුරුවෙන් වතුර බිව්වත් HIV බෝවෙන්නෙ නෑ.
ඒ වගේම කෙනෙක්ගෙ බාහිර පෙනුමෙන් HIV ආසාදිතයෙක් ද කියල නිගමනය කරන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි වෙන ලිංගාශ්‍රිත රෝග වලින් පෙළෙන කෙනෙක් වුණත් HIV ආසාදිතයෙක් නොවෙන්න පුලුවන් වගේම වෙන ලිංගාශ්‍රිත රෝග නැති කෙනෙකුට වුණත් HIV ආසාදනය වෙලා තියෙන්නත් පුලුවන්.
ඡායාරූප අන්තර්ජාලයෙනි
ඒ කොහොම වුණත් කිසිම කෙනෙකුට බලෙන් මේ රෝගය බෝ කරවන්න හැකියාවක් නෑ. ඔබගේ ගෙදරට කවුරුහරි ආවොත් නොමිලේ රුධිර පරීක්ෂාවක් කරන්න ඒ අය අලුත් එන්නත් කටු (ජීවානුහරණය කරල පැකට් කරල තියෙන ඒවා) පාවිච්චි කරනවනං ඒවගෙන් ඔබට HIV ආසාදනය වෙන්නෙ නෑ. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවා ව්‍යාප්ත වෙමින් යන කාලයක්. රෝගියා රෝහලට යනවා වෙනුවට වෛද්‍ය කණ්ඩායම් නිවෙස් වලට එන්න පුරුදු වෙමින් යනවා. ඒක බොහොම හොඳ ලක්ෂණයක්. ඒ නිසා ඒ වගේ දේවල් අධෛර්යමත් කරන එක හොඳ නැහැ. ඒ නිසා ඒ අයට කියන්න අලුත් එන්නත් කටු පාවිච්චි කරල රුධිර පරීක්ෂණය සිදු කරන්න කියල.
ඒ වගේම කාට හරි HIV ආසාදනය වෙලා නං එතනින් ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. නිසි ප්‍රතිකාර මගින්  HIV ආසාදිතයකුට AIDS තත්ත්වයට පත් නොවී දීර්ඝ කාලයක් ගත කල හැකියි. ඒ වගේම පූර්ණ නිදහස් ජීවිතයක් ගත කළ හැකියි. ඒ නිසා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා හරි අනාරක්ෂිත රුධිරය හුවමාරු වන ක්‍රියාකාරකම් වල නිරත වෙලා තියෙනවනං හැකි ඉක්මනින් රුධිර පරික්ෂාවක් කරගන්න එක වැදගත්. මොකද දන්නෙම නැතුව AIDS තත්ත්වයට පත් වුණොත් ඔබේ ජිවිතය අනතුරේ වැටෙන්න පුලුවන්. එහෙනං ISIS කට්ටිය ආවට බය වෙන්න එපා.
ඡායාරූප අන්තර්ජාලයෙනි
මේ බ්ලොග් වසන්තයට ලියන දෙවෙනි ලිපිය. දකුණු පැත්තෙ ඉහළ කෙළවරේ ඡන්ද පොලට යන පාර තියෙනවා.
විශේෂ ස්තුතිය - ඩෙන්වර් ට...
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com6tag:blogger.com,1999:blog-2317708917192166994.post-9917995292193958462017-04-18T00:00:00.001+05:302017-04-18T00:00:41.028+05:30විකල්ප නොමැති වීමේ අර්බුදය
මීට ටික දවසකට පෙර කොළඹ තාප්ප පුරා අලවා තිබූ දැන්වීමක වූයේ "විකල්ප නොමැත" යන පාඨයයි. එක්තරා විෂයයකට අදාලව ටියුෂන් ගුරුවරයකු විසින් අලවා තිබූ එම දැන්වීමේ අරමුණ අදාළ විෂයය සඳහා ඇති "හොඳම පන්තිය" තමාගේ පන්තිය බව පෙන්වීම විය හැකි නමුත් "විකල්ප නොමැත" යන පාඨය කෙතරම් සාහසික එකක් දැයි ඔහු සිතන්නට නැතුවාට සැක නැත.
විකල්පය, නැතහොත් alternative යන්නෙන් අදහස් කරන්නේ පවතින කිසියම් දෙයක් හෝ පුද්ගලයෙක් වෙනුවට තෝරා ගත හැකි වෙනත් ඒ හා ආසන්න ප්‍රතිඵල ලබා දෙන දෙයකට හෝ පුද්ගලයකුට ය. කිසියම් අවශ්‍යතාවයකට විකල්ප කිහිපයක් ඇති විට අවශ්‍යතාවය ඇති පුද්ගලයාට තමාට වඩාත් ගැලපෙන හෝ තමා වඩාත් කැමති විකල්පය තෝරා ගත හැකිය. විකල්ප නොමැති අවස්ථා වල තම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා පවතින "එකම තෝරාගැනීම" සිදු කිරීමට ඔහුට හෝ ඇයට සිදු වේ.
මෙය කෙතරම් සරළ දැයි ඔබට සිතෙන්නට පුලුවන් නමුත් විකල්ප නොමැති වීම නිසා අැති වන ඒකාධිකාරය ඇතැම් විට බරපතල අර්බුදයක් දක්වා පරිනාමය වීමට වුවද හැකිය. උදාහරණයක් ලෙස ගත් කල ලංකාවට ජංගම දුරකථන පැමිණි මුල් යුගයේ ජංගම දුරකථන සේවා සපයන ලද්දේ එක් සමාගමක් පමණි. එවකට මිල දී ගත හැකි වූයේ සෙල්ටෙල් සමාගමට අයත් ඇනලොග් වර්ගයේ දුරකථන පමණි. එහි පැවති ඒකාධිකාරය හේතුවෙන් ජංගම දුරකථනයක් අවශ්‍ය ඕනෑම අයෙකුට අදාළ සමාගමේ දුරකථනයක් මිල දී ගත යුතු විය. එමෙන්ම පාරිභෝගිකයාට ඉතා විශාල සේවා ගාස්තුවක් ගෙවීමට ද සිදු විය. එහෙත් පසුකාලීනව වෙනත් දුරකථන සමාගම් වෙළඳපොලට පිවිසීමත් සමග "විකල්ප" බිහි විය. වඩාත් පහසුකම් සහිත දුරකථන අඩු මිලට ලබා ගත හැකි වූ අතර සේවා ගාස්තු ද සීඝ්‍ර ලෙස පහත වැටිනි. එයට හේතු වූයේ වඩාත් ලාබදායී විකල්පය වෙත පාරිභෝගිකයන්ට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබීමයි.
අයිතිවාසිකම එසේ වුවද තත්‍ය ලෝකයේ "විකල්ප" පවතින ගැටලු වලට වඩා "විකල්ප" නොමැති ගැටලු සංඛ්‍යාව ඉතා විශාලය. උසස් පෙළ විෂය ධාරාවට යොමු වන ශිෂ්‍යයකුට තෝරාගැනීමට ඇති විකල්ප විෂයයන් ගණනාවක් අතරින් තමාට වඩාත් සුදුසු විෂයයක් තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ශිෂ්‍යයන් අතලොස්සකට පමණි. බහුතරයක් සිසුන්ට තමන්ගේ පාසලේ උගන්වනු ලබන විෂයයන්ට පමණක් සීමා වීමට සිදු වේ. පාසල් සිසුන්ට පුහුණු විය හැකි ක්‍රීඩා ගණනාවකින් එකක් තෝරාගැනීමට අවස්ථාව ලැබෙන්නේ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක සිසුන්ට පමණි. අනිකුත් සිසුන්ට තම පාසලේ පවතින ක්‍රීඩා වලින් එකකට, නැතහොත් පාසලේ ඇති එකම ක්‍රීඩාවට යොමු වීමට සිදු වේ. ඒ අයුරින්ම තමාට කැමති උපාධි පාඨමාලාවට ඇතුලත් වීමට, තමා වඩාත් කැමති වෘත්තීය ක්ෂේත්රයට පිවිසීමට හෝ තමා වඩාත් කැමති කාර්යාලයක රැකියාවක යෙදීමට අවස්ථාව හිමි වන්නන් ඉතා අල්පය.
විකල්ප නොමැති වීම නිසා සේවාව සපයන්නා සහ සේවාව ලබන්නා අතර බලය පිළිබඳ අසමතුලිතතාවයක් ගොඩ නැගෙයි. ඉහත දුරකථන උදාහරණයේ දී දුරකථන සමාගම ඇති කරගන්නා ඒකාධිකාරයට යටත් වීමට පාරිභෝගිකයාට සිදු වෙයි. තම පාසලේ සිට තමාට සුදුසු විෂය මාලාවක් හැදැරිමට හෝ සුදුසු විෂය ධාරාවක් සහිත පාසලකට ඇතුලත් වීමට අවස්ථාවක් නොමැති ශිෂ්‍යයාට පවතින විෂය ධාරාව හැදෑරීමට සිදු වේ. විකල්ප නොමැති වීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ සේවාව ලබන්නා ඒකාධිකාරයට යට වීමයි. එහිදී පාසල් සිසුවාට තමා බලාපොරොත්තු වන ඉලක්කය මගහැරී යා හැකි අතර පාරිභෝගිකයාට දුරකථන සේවා ගාස්තුව දරා ගත නොහැකි වීම නිසා එම අවශ්‍යතාවය අමතක කර දැමීමට සිදු විය හැකිය.
තනි තනි පුරවැසියන් වශයෙන් මෙන්ම රටක් විදියට ද අපට ඇති විකල්ප අවම ය. සුදුසුකම් වලට සරිලන රැකියා නොමැත. අනිත් අතට පවතින රැකියා වලට සුදුස්සන් උසස් අධ්‍යාපන ආයතන වලින් බිහි වන්නේ ද නැත. ඒ නිසා තමන් කැමති රැකියාවක් තෝරා ගන්නවා වෙනුවට තමාව තෝරාගන්නා රැකියාවට යාමට සිදු වී තිබේ. තමාට වඩා සේවයක් කල හැකි දේශපාලනඥයන් තෝරා ගැනීමට ඡන්දයක් පවත්වන නමුත්, ඡන්දදායකයන් කියන්නේ "කොයි එකාට දුන්නත් එකයි" කියා ය. තෝරාගැනීමට තරම් සුදුසු පුද්ගලයන් දේශපාලනයේ නැතැයි සිතන නිසාම මිනස්සු ඡන්ද අයිතිය භාවිතා කරන්නේ අඩුවෙනි. නැතහොත් උදාසීනත්වයෙනි. නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා පැවසූ ආකාරයට අලුතින් ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වීමේ අඩුවක් ඇති වීමට ද විකල්ප නොමැති වීමේ අර්බුදයේ බලපෑමක් තිබිය හැකිය.
එමෙන්ම අපි අපට විකල්ප සඳහා අයිතියක් ඇති බව දන්නේ නැත. සෞඛ්‍ය සේවාවන් වෙත යොමු වන රෝගියකුට තමාට ප්‍රතිකාර ලබා ගැනීමට ඇති සියලු විකල්පයන් පිළිබඳ දැනගැනීමට හා එයින් එකක් වෙත යොමු වීමට අයිතියක් ඇතත් එවැනි පැහැදිලි කිරීමක් කරන වෛද්‍යවරුන් ඉතා අල්පය. අනිත් අතට එවැනි පැහැදිලි කිරීමක් සිදු කරන වෛද්‍යවරයා වෙත රෝගියා දක්වන්නේ ද සැක සහිත ආකල්පයකි. බොහෝ විට එවැනි අවස්ථා වල ඔවුන් සිතන්නේ වෛද්‍යවරයාට ප්‍රතිකාරය "ෂුවර් නැත" කියා ය. ඊළඟ දවසේ ඒ වෛද්‍යවරයා වෙත යන්නේ එහෙමත් අයෙකි.
රෝගීන්ගෙන් 95% කට වඩා ප්‍රමාණයක් යොමු වන්නේ දිවයින පුරා ඕනෑම අයෙකුට ප්‍රවේශ විය හැකි ලෙස සිහිටා ඇති බටහිර වෙදකම කරනු ලබන රජයේ රෝහල් වෙතය. එතරම් සුලබ නොවීම, නැතහොත් ප්‍රවේශ වීමේ අපහසුව හේතුවෙන් අනෙකුත් ආයුර්වේද, සාම්ප්‍රදායික නැතහොත් ආධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රම වෙත රෝගීන් යොමු වීමේ විශාල අඩුවක් පවතී. එමෙන්ම විශ්වවිද්‍යාල වලට පිවිසීමට නොහැකි වන සිසුන්ට පවතින විකල්පයක් වශයෙන් සැලකිය හැකි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වෙත පිවිසීමට බොහෝ සිසුන්ගේ ආර්ථික තත්ත්වය හේතුවෙන් නොහැකි විය හැකිය. එබැවින් විකල්ප පැවති පමණින්ම අර්බුධය සමනය වන්නේ නැත. අදාළ විකල්ප වෙත පිවිසීමට ද මිනිසුන්ට හැකියාව තිබිය යුතුය.
මිනිසා සවි බල ගැන්වෙන්නේ ස්වාධින ලෙස තම ජීවන රටාව තෝරාගැනීමට මිනිසාට අවස්ථාව ඇති විට ය. තමා ගන්නා ආහාර, තමා ජීවත් වන ස්ථානය, තමා ආශ්‍රය කරන පුද්ගලයන්, තමා කරන වෘත්තිය, තමා අධ්‍යාපනය ලබන විෂය ක්ෂේත්රය, තමා අදහස ආගම සහ තමා කතා කරන භාෂාව ආදිය රිසි පරිදි තෝරාගැනීමට අවස්ථාව ඇති විට ය. ඒ සඳහා නිදහසේ තෝරාගත හැකි විකල්ප ඇති විට ය. එවැනි අවස්ථා සහිත යුගයක් යන්න කිසිදා සැබෑ නොවන සිහිනයක් විය හැකි ද?
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com3tag:blogger.com,1999:blog-2317708917192166994.post-62507169555570648982017-04-15T22:18:00.000+05:302017-04-15T22:21:31.727+05:30නාය නොගිය ජීවිත වලට අත්වැලක් වෙමු...ප්‍රදීප්ගේ පිටුව බ්ලොග් අඩවිය අභූත චෝදනා වලට ලක් වෙලා ටික දවසකින් සම්පූර්ණයෙන්ම අහිමි වුණාට පස්සෙ 2015 බ්ලොග් වසන්තය වෙනුවෙන් "හිතෙන හැටි" පටන් අරන් මේ මාසෙ දෙවෙනිදට අවුරුදු දෙකක්. නැවතත් බ්ලොග් එකක් පටන්ගැනීමේ ගෞරවය හිමි වෙන්නෙ හැමදාම කියනව වගේ බ්ලොග් වසන්තට. ගිය අවුරුදු දෙකේම ලියල තියෙන්නෙ අවුරුද්දට පෝස්ට් හතර ගානෙ. මොනව කරන්නද? මේ අවුරුද්දෙ ටිකක් වැඩියෙන් ලියන්නයි අදහස.
මේ බක් මාසෙ. අලුත් අවුරුද්දක් උදා වෙලා. හැමෝම අවුරුද්දේ සතුට සමරමින් ඉන්න වෙලාව. කොළඹටත් ගමටත් අවුරුද්දේ උණුසුම එක විදියට දැනෙමින් තිබුණෙ. හරියටම අවුරුදු දවසෙ, එදාම තමයි මහ සිකුරාදත් යෙදිල තිබුණෙ, එකපාරටම දහම්පුර පැත්තෙ ගෙවල් ගණනාවක් යට කරගෙන මීතොටමුල්ලෙ කුප්‍රකට කුණු කන්ද නාය යන්න පටන්ගත්ත. මේ ලියන මොහොත වෙනකොට මළ සිරුරු 16 ක් හමු වෙලා. නිවාස 145 ක පවුල් 180 ක් විපතට පත් වෙලා. කොලොන්නාව ටෙරන්ස් විදුහලේ 1080 දෙනෙක් නැවතිලා ඉන්නවා. තවත් නිවාස 130 ක පදිංචිකරුවන් නිවාස වලින් ඉවත් කරන්න සැලසුම් කරල.
මේ සිද්ධ වුණේ අවුරුද්දක් ඇතුලත ශ්‍රී ලංකාවේ සිදු වුණ හතර වෙනි ආපදා තත්ත්වය. ගිය අවුරුද්දෙ මැයි මාසෙ ආපදාවන් තුනක් සිද්ධ වුණා. දෙකක් ස්වභාවික ආපදා. එකක් අනතුරක්. දවසින් දවස ස්වභාවික ආපදා සහ මිනිසා විසින් ඇතිකරන ආපදා තත්ත්වයන් වැඩි වෙමින් පවතිනවා. බ්‍රසල්ස් නගරය පදනම් කරගත් Centre for Research on the Epidemiology of Disasters කියන විදියට 1980 න් පසුව ලෝකයේ ස්වභාවික ව්‍යසන සිදු වීමේ සීඝ්‍රතාව 400 ගුණයකින් වැඩි වෙලා. මේ වගේ අවස්ථා ඇති වෙන එක හැකි තරම් වලක්වා ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. නමුත් ආපදාවන් සිද්ධ වෙන්නෙ කලින් කියල නෙමෙයි. එ් නිසා ඕනෑම ආපදාවකදි කවුරු හරි විපතට පත් වෙනවා.
ඒ වගේ අවස්ථා වල අපි කරන්නෙ පුලුවන් තරම් කෑම වර්ග, වතුර බෝතල්, සනීපාරක්ෂක උපකරණ වගේ දේවල් ඒ අයට ගෙනිහිං දෙන එක. අනුන්ගේ දුකේ දී හදවත් උණු වෙන ජනතාවක් විදියට අපි ඒ කරන දේ වැරදි නැහැ. හැබැයි ඒ භෞතික වශයෙන් අවශ්‍ය වෙන දේවල් ලබා දෙනව වගේම ඒ අයට අවශ්‍ය වෙන මනෝ සමාජීය සහය ලබා දෙන එකත් වැදගත් වෙනවා. මොකද අවතැන් වෙලා ඉන්න හැම කෙනෙක්ටම කාවහරි, එහෙමත් නැත්නම් මොනව හරි අහිමි වෙලා. සමහරවිට කෙනෙකුට කන්න බොන්න නැතත් කමක් නෑ මගෙ දුක කියන්න කෙනෙක් ඉන්නවනං කියල හිතෙන්න පුලුවන්. ඒ වගේ අයට උදව් කරන්න වෙන්නෙත් අපි අපිටම තමයි. ඒ නිසා මේ පුංචි උත්සාහය හෙට අනිද්ද විපතට පත් වුණ අය බලන්න යන අයට මේ විශාල අවශ්‍යතාවය ඉටු කරන්න පොඩි දැනුමක් ලබා දෙන්න. ඒකට අපි කියන්නෙ "මනෝ සමාජීය ප්‍රථමාධාර" කියල. මේ ප්‍රථමාධාරය කරන්න විශේෂ ප්‍රථමාධාර පුහුණුවක් අවශ්‍ය වෙන්නෙ නෑ. කරන්න තියෙන්නෙ අපි එදිනෙදා ඔය වගේ ආපදාවකදි කරන දේවල් ටිකක් පිළිවෙලට කරන එක විතරයි.
01. සූදානම් වන්න
ආපදාව සිදු වෙලා තියෙන තැනට යන්න කලින් සිද්ධ වෙලා තියෙන්නෙ මොකක්ද? ඒකේ බලපෑමට ලක් වෙලා ඉන්න අය කව්ද? දැනට සපයන සේවාවන් මොනවද? වගේ වැදගත් කරුණු ගැන හොඳ අවබෝධයක් ඇතිව යන එක බොහොම වැදගත්. වැදගත්ම දේ තමයි ආරක්ෂාව. තවමත් ආපදා තත්ත්වය සිදු වෙමින් පවතිනවනම් ඒ සඳහා ගත යුතු ආරක්ෂක පියවර ගැන දැනුවත් වෙන එකත් අත්‍යවශ්‍ය කාරණයක්. මොකද එතැනදි ඔබව අනතුරට ලක් වුණොත් එය ඔබටත්, අනිකුත් සහන කණ්ඩායම් වලටත් අනවශ්‍ය කරදර ඇති කිරීමක් වෙනවා. ඒ වගේම ඔබට ඒ වටපිටාවට ඇතුල් වෙන්න අවශ්‍ය අවසර තියෙනවද කියල දැනගන්න එකත් ඉතාම වැදගත් වෙනවා.
02. නිරීක්ෂණය කරන්න
ඔබ එතැනට ගියාට පස්සෙ ඔබ ඉන්න තැන ආරක්ෂිතදැයි බලන්න. ඊට පස්සෙ හදිසි සහය අවශ්‍ය අය ඉන්නවද කියල හොයල බලන්න.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු දරුණු තුවාල සහිත පුද්ගලයන්,
තමාව හරි තමන්ගේ දරුවන් හරි රැක බලා ගන්න බැරි තරමේ ව්‍යාකූල තත්ත්වයේ ඉන්න පුද්ගලයන්,
තමන්ටම හානි කර ගැනීමට ඉඩ තියෙන පුද්ගලයින් සහ
අනිත් අයට හානි කිරීමට ඉඩ තියෙන පුද්ගලයින්
තමයි හදිසි සහය අවශ්‍ය අය කියල කියන්නෙ. මේ අයට උදව් කරන්න ඔබට වඩා වැඩි දැනුමක් තියෙන අය අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ නිසා නිසි වෛද්‍ය කණ්ඩායම් වෙත මේ අය හැකි ඉක්මනින් යොමු කරන එක වැදගත්.
03. අසන්න
සහය අවශ්‍ය විය හැකි අය වෙත ළඟා වෙන්න. එයාලගෙ අවශ්‍යතා ගැන විමසන්න. එයාලගෙන් බලෙන් අහන්න යන්න එපා. කැමතිනම් විතරක් කතා කරන්න අවස්ථාව ඇති බව පැහැදිලි කරල දෙන්න. කතා කරන්න කලින් ඔබව හඳුන්වා දෙන්න. හැකිතාක් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න. ඔබ කලබල වීමෙන් විපතට පත් වූ පුද්ගලයා තවත් කලබලයට පත් විය හැකියි. ඒ නිසා සන්සුන්ව සිටින්න. ඔහු හෝ ඇය ආරක්ෂිතනම් පමණක් ඒ බව ඔවුන්ට මතක් කර දෙන්න. ඔහු හෝ ඇය තනි වී නැති බව දැනෙන්නට ඉඩ හරින්න.
04. සම්බන්ධ කරන්න
ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය සේවාවන් වෙත ඔවුන් යොමු කරන්න. ගැටලු කළමණාකරනය කරගැනීමට ඔවුන්ට සහය වන්න. නිවැරදි තොරතුරු පමණක් ලබා දෙන්න.
මේ සරළ පියවර හතර අනුගමනය කිරීමෙන් පමණක් විපතට පත් වූවන්ට අවශ්‍ය මනෝ සමාජීය සහය ඔබට ලබා දිය හැකියි. ඒ සෑම විටම අදාළ පුද්ගලයාගේ ආරක්ෂාව, ආත්මාභිමානය සහ අයිතිවාසිකම් වලට ගරු කිරීමත්, අදාළ ආපදා අවස්ථාවේ සපයන වෙනත් සේවාවන් පිළිබඳ දැනුවත්ව සිටීමත්, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වීමත් මනෝ සමාජීය ප්‍රථමාධාර ලබා දීමේදී අත්‍යවශ්‍ය වෙනවා.
2016 වසරේ ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව විදියට යොදාගත්තෙත් මනෝ සමාජීය ප්‍රථමාධාර. ඒ තරම්ම මේ දැනුම අපිට වැදගත්. IASC (2007) ට අනුව අවම වශයෙන් පුද්ගලයන් සිය දෙනෙකුගෙන් එක්කෙනෙක් මනෝ සමාජීය ප්‍රථමාධාර ගැන දැනුවත්ව සිටිය යුතු වෙනවා. මාත් ඇතුලුව දැනට ලංකාවේ පුහුණුව ලැබූ මනෝ සමාජීය ප්‍රථමාධාරකරුවන් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයට අනුබද්ධිතවත්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට අනුබද්ධිතවත්, වෙනත් රාජ්‍ය සහ ස්වේච්ඡා සංවිධාන වලට සම්බන්ධ වෙලත් ඉන්නවා. සිංහල භාෂාවට පරිවර්තනය කරල තියෙන ක්ෂේත්‍ර ක්‍රියාකාරීන් සඳහා වන උපදෙස් මාලාව මෙතනින් බාගත කරගන්න පුලුවන්. කාට හරි හිතෙනවනං මේ ගැන විධිමත් පුහුණුවක් ලබාගත්තොත් හොඳයි කියල අපිට පුලුවන් උදව් කරන්න. තවත් තොරතුරු මේ වෙබ් අඩවියෙන් ලබාගන්නත් පුලුවන්
හෙට ඉඳල මීතොටමුල්ලෙ අවතැන් වුණ අයට උදව් කරන්න යනකොට මේ පියවර හතර ගැනත් අවධානය යොමු කරන්න. උදා වූ නව වසර මේ වගේ ආපදාවන් වලින් තොර වසරක් වේවා....!
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com3tag:blogger.com,1999:blog-2317708917192166994.post-92084445217910487082017-03-26T22:04:00.000+05:302017-03-26T22:08:25.479+05:30Depression ද? අපි කතා කරමු...ඊයෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල බොහොම උත්කර්ෂවත් විදියට පැවැත්වුණා. පොදු කතාබහේදිත්, පෞද්ගලිකව මටත් ඒ ගැන එක එක විදියෙ විවේචන තිබුණත් කිසියම් නිර්මාණයක් ඇගයීමට ලක් කරන එක බොහොම වටිනා දෙයක්. ඉතින් සම්මානයට පාත්‍ර වුණ හැම සහෝදර බ්ලොග්කරුවෙක්ටම හෘදයාංගම සුබපැතුම් එක්කරන්න කැමතියි. ඒ වගේම අඩුපාඩු ගල්මුල් මැදින් බ්ලොග්කරුවන්ට එක්කාසු වෙන්න අවස්ථාවක් හදල දීපු, බ්ලොග්කරුවන් සම්මානයට පත් කළ සංවිධායක මණ්ඩලයටත්, නෙළුම් යාය කණ්ඩායමටත් ස්තුතියි.
ඊයෙ හම්බු වෙලා කතා කරපු ගොඩක් අය දැන් ලියන්නෙ නැද්ද කියල අහද්දි ආපු ලැජ්ජාව හින්දත්, පරණ බ්ලොග් එක අහිමි වුණාට පස්සෙ මේ බ්ලොග් එක පටන් ගන්න එක හේතුවක් වුණ බ්ලොග් වසන්ත කියන හාදය මේ අවුරුද්දෙත් අලුත් අවුරුද්දට එන බව කියන හින්දත් ඔන්න ආයෙත් ලියන්න පටන්ගත්ත.
හැම අවුරුද්දකම අප්‍රේල් මාසෙ 7 වෙනිදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයේ මේ වසරේ තේමාව විදියට, මම මේ ලිපියේ මාතෘකාව විදියට යොදාගෙන තියෙන Depression - Let's Talk කියන තේමාව නම් කරල තියෙන්නෙත් මේ සුලබ සෞඛ්‍ය ගැටලුව ගැන ජනතාවගේ දැනුවත් භාවය වැඩි කරන්න. ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය  සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලය එක්ක මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් මාළාවක් පවත්වන්න කටයුතු යොදල තියෙනවා. අප්‍රේල් මාසෙ 7 වෙනිදා උදේ කොළඹ නිදහස් චතුරස්රයට ආවොත් විෂාදය ගැන බොහෝ දේවල් දැනගන්න වගේම සංවාද මණ්ඩප, නාට්‍ය ආදියට සම්බන්ධ වෙන්නත් පුලුවන්. ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයත් අප්‍රේල් 7 වෙනිදා ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාළාවක් පවත්වන බව දැනගන්න තියෙනවා.
ඇත්තටම විෂාදය කියන්නෙ මොකක්ද?
සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසැරිය වෙබ් අඩවියට අනුව විෂාදයේ රෝග ලක්ෂණ මෙහෙමයි.
කලකිරුණු ස්වභාව, විනෝදජනක ක්‍රියා වලින් බැහැර වීම (වෙනදා සිතට සතුටක් ඇති කල ක්‍රියා තවදුරටත් සතුටක් ගෙන නොදීම.)
අසාමාන්‍ය ලෙස දුක්බර සිතුවිලි හටගැනීම, නිතර කඳුළුබර වීම.
තමාව අවතක්සේරු කර ගැනීම, තමාගෙන් වැඩක් නැතැයි සිතීම, අතීතියේ සිදු වූ සුළු වැරදි වලට පවා දැඩිසේ දුක්වීම.
උද්යෝගය හා ශරීර ශක්තිය අඩුබවක් දැනීම. ( වෙනදා කල සුළු ක්‍රියාවන් අසීරු ලෙස දැනීම.)
අවධානය අඩුවීම, කියවීම හෝ වැඩෙහි යෙදීම අසීරු වීම.
නින්ද පිළිබඳ ප්‍රශ්න.
- නින්දට යාම අපහසු වීම, දිගු වේලාවක් ඇඳේ සිටියත් නින්ද නොයාම.
- උදේ පාන්දර අවධි වීම හා නැවත නින්ද නොයාම.
- සමහර විට නිදාගැනීම වැඩිවීම.
නිතරම මහන්සි දැනීම.
ආදරය පෙන්වීම අපහසු වීම, අඩු සැමි සබඳතා දුර්වල වීම නිසා විවිධ ප්‍රශ්න පැන නැගීම.
කෑම අප්‍රිය වීම, සිරුර කෙට්ටු වීම (සමහර විට අනවශ්‍ය ලෙස ආහාර ගෙන තරබාරු වීම ද දැකිය හැක.)
නොසන්සුන්ගතිය. තරහයාම.
කායික රෝග ලක්ෂණ - හිසේ කැක්කුම, පපුව ගැහීම, පවුවේ වේදනාව, ඇඟ පත රුදාව.
පෙනුමේ සිදුවන වෙනස්වීම් - මුහුණ දුක්බර වීම, මුඛ දෙකොන යටට නැමීම, උරහිස් පහලට වැටුණු ස්වභාවය.
පෞද්ගලික සෞඛ්‍යය රැකගැනීමේ උනන්දුව අඩුවීම - දත් නොමැදීම, හිස නොපීරීම, පොඩිවූ ඇඳුම් ඇඳීම, රැවුල වැවී තිබීම.
සමාජ සම්බන්ධතා අඩුවීම - කතා කිරීම අඩු කිරීම, නිතර තනිව සිටීම, සිනහ නොවීම.
මරණය පිළිබඳ සිතුවිලි පහල වීම, සිය දිවි හානි කිරීමට පෙළඹීම.
මේ වගේ ලක්ෂණ කිහිපයක් තියෙනවා නං ඉතා ඉක්මනින් මනෝවෛද්‍යවරයෙක් හරි මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් හරි හමුවෙන එක තමයි හොඳම දේ. දැන් ලංකාවේ සැම රජයේ රෝහලකම වගේ මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් සේවය කරනවා.
විෂාදය ගැන නිර්මාණය වුණ මේ වීඩියෝ දෙක බලන්නකො. හැබැයි ඉංග්‍රීසියෙන් තියෙන්නෙ. තේරුම් ගන්න පහසු වෙන්න උපසිරැසි යොදල තියෙනවා.
වඩාත්ම වැදගත් දේ තමයි විෂාදය එහෙමත් නැත්නම් Depression කියන්නෙ සුව කළ හැකි රෝගයක් කියන එක.
ඔබ විෂාදයෙන් පෙළෙනව කියල හිතෙනව නම්...
ඔබට සමීප කෙනෙක් එක්ක ඔබට දැනෙන හැඟීම් ගැන කතා කරන්න.
හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
නිසි ප්‍රතිකාර මගින් සම්පූර්ණ සුවය ලබාගත හැකි බව මතක තබාගන්න.
එදිනෙදා ජීවිතයේ ඔබ සතුටින් කල දේවල් වල නිරත වන්න.
පවුලේ අය සහ මිතුරන් සමග සමීපව කටයුතු කරන්න.
දිනපතා ව්‍යායාම වල නිරත වන්න. අවම වශයෙන් දිනපතා කෙටි දුරක් ඇවිදීමට පුරුදු වන්න.
තමන්ගේ සාමාන්‍ය ආහාර පුරුදු සහ නිදාගැනීමේ පුරුදු අනුගමනය කරන්න.
ඉහත රෝග ලක්ෂණ තිබේ නම් ඔබට විෂාදය වැළඳී තිබීමට හැකි බව අවබෝධ කරගන්න. ඔබට සහය අවශ්‍ය විය හැකිය.
මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වන්න. ඒවා විෂාදයේ රෝග ලක්ෂණ වැඩි කරයි.
ඔබට සිය දිවි නසාගැනීමට සිතෙන්නේ නම් හැකි ඉක්මනින් කිසිවකුගේ සහය ඉල්ලා සිටින්න.
මතක තබා ගන්න. විෂාදය සුව කළ හැකිය. ඔබට විෂාදයේ රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් සහය ලබාගන්න.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක සෞඛ්‍ය දින වෙබ් පිටුවෙන් තවත් බොහෝ විස්තර ලබාගන්න පුලුවන්. මේ තියෙන්නෙ තවත් විස්තර පත්‍රිකාවක් එහෙනම් අප්‍රේල් 7 වෙනිදා උදේ නිදහස් චතුරස්රයේදි හමු වෙමු...
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com14tag:blogger.com,1999:blog-2317708917192166994.post-16145771169796633462016-09-28T22:51:00.000+05:302016-09-28T22:55:51.791+05:30වෙනස ඔබ ම වන්න.... (Be the Change)"වෙනස" බොහෝ දෙනා ගේ මුවග නිතර රැව් දෙන වචනයකි. "ක්‍රමය" වෙනස් විය යුතු යැයි ඇතැමෙක් තර්ක කරති. "වෙනස" සැප දැයි අසන්නෝ ද බොහෝ ය. "වෙනස්" දෙයක් කරන්නට තනන යෞවනයෝ ද විටින් විට හමු වෙති. ඒ සියල්ලෝම වෙනස අපේක්ෂා කරන්නේ අන් අයගෙනි. නැතහොත් අන් දෙයකිනි. සෑම වෙනසක් අවසානයේ ම "වෙනස සැපද" යැයි අසන්නට වන්නේ ඒ නිසා ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කාර්යාලය, "වෙනස" ගැන අප සිතන ආකාරය "වෙනස්" කරන්නට පසුගිය දා අපට යෝජනා කළේ ය. ඒ Be the Change වැඩසටහන හරහා සැප්තැම්බර් 6,7 සහ 8 යන දින වල කොළඹ දී වැඩසටහන් ගණනාවක් ඔස්සේ නිරෝගී සහ ක්‍රියාශීලී ජීවන රටාවක් කරා "වෙනස්" වන ලෙස ජනතාවට ආරාධනා කරමිනි.
අග්නි දිග ආසියානු රටවල ජීවත් වන සෑම යෞවනයන් පස් දෙනෙකුගෙන් ම හතර දෙනෙක් කායිකව ක්‍රියාශීලී නොමැති බව සොයාගෙන තිබේ. මේ හේතුවෙන් බෝ නොවන රෝග වලින් පෙළෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. මේ තත්ත්වය තවදුරටත් වැඩි වීම බරපතල සෞඛ්‍ය ගැටලුවකි. එබැවින් සේවා ස්ථාන, පාසල් යන ස්ථාන වල වැඩ ඵලදායීතාව නැංවීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ කාර්යමණ්ඩල සාමාජිකයන් ගේ යහපැවැත්ම නැංවීම සඳහා බෝ නොවන රෝග වැලැක්වීමේ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම "Be the Change - වෙනස ඔබ ම වන්න" වැඩසටහන මගින් අපේක්ෂා කරයි.
ඒ යටතේ වෙනස බවට පත් වන පුද්ගලයා අංග 6 ක් පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය.
01. ඔබේ ආහාර ගැන සැලකිළිමත් වන්න. (Watch your plate)
මෙහි දී සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම අධෛර්යමත් කිරීම සහ අඩු කැලරි පරිභෝජනය දිරිමත් කිරීම අපේක්ෂා කරයි.
ආයතන වල හරිත ආහාර - අලුත් එළවලු සහ පලතුරු - මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සැළසීම සහ රස කළ බීම වර්ග වෙනුවට පිරිසිදු ජලය පරිභෝජනයට හුරු කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම අපේක්ෂාවයි.
02. ඔබේ බර සහ ඉනේ ප්‍රමාණය ගැන සැළකිලිමත් වන්න. (Watch your weight and waist)
නිරන්තරයෙන් පුද්ගලයින් තම බර සහ ඉනේ ප්‍රමාණය පිළිබඳ සැළකිලිමත් වීම මෙමගින් අපේක්ෂා කෙරේ.
ආයතන වල බර කිරීමේ බිම් තරාදි සහ වට ප්‍රමාණය මැනීම සඳහා ටේප් පටි පුද්ගලයන් ගැවසෙන ස්ථාන වල තැබීම මගින් ඒ සඳහා පහසුකම් සැපයීම බලාපොරොත්තු වේ.
03. ඔබේ පියවර ගැන සැළකිලිමත් වන්න. (Watch your steps)
හැකි සෑම අවස්ථාවකදී ම සෝපාන වෙනුවට පඩි පෙළ භාවිතා කිරීම, කායවර්ධන මධ්‍යස්ථාන සහ ටෙනිස් පිටිය වැනි ස්ථාන වැඩි වැඩියෙන් භාවිතා කිරීම, තම ක්‍රියාශීලී මට්ටම පිළිබඳ මාසිකව ස්වයං ඇගයීමක නිරත වීම වැනි දේ මෙමගින් අපේක්ෂා කරයි.
04. ඔබේ ආතති මට්ටම ගැන සැළකිලිමත් වන්න. (Watch your stress level)
තමන් ගේ ආතති මට්ටම පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම මෙමගින් අපේක්ෂා කරයි. යෝගා සහ වෙනත් ආතති කළමණාකරන ක්‍රම භාවිතා කිරීම මගින් ආතති මට්ටම අවමයක පවත්වා ගැනීමට කාර්යමණ්ඩල හුරු කිරීම මෙහි අරමුණයි.
05. ඔබේ වෙනස ගැන සැළකිලිමත් වන්න. (Watch your change)
සෑම මාස 6 කට ම වරක් රුධිරගත සීනි මට්ටම, රුධිර කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර පීඩනය මැන ගැනීම මගින් බෝ නොවන රෝග වල අවදානමක් තිබේ දැයි දැනගැනීම මෙමගින් අපේක්ෂා කරයි.
06. ඔබේ දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය ගැන සැළකිලිමත් වන්න. (Watch your tobacco and alcohol consumption)
සියලු සෞඛ්‍ය ආයතන දුම්බීමෙන් නිදහස් කළාප බවට පත් කර ඇත. ඔබේ ආයතන පරිශ්‍රයත් දුම්බීමෙන් නිදහස් පරිශ්‍රයක් කරගන්න. මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා සහය ලබාගන්න.
මේ අංග 6 පිළිබඳ නිරතුරුව අවධානයෙන් සිටීමත්, මේ අංග සක්‍රිය ව ක්‍රියාත්මක කිරීමත් මගින් "වෙනස" අත් විඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ජනතාවට ආරාධනා කරයි. විශේෂයෙන්ම සෞඛ්‍යවත් නිරෝගී සහ ක්‍රියාශීලී ජීවිතයක් අපේක්ෂා කරන්නේ නම් "වෙනස ඔබ ම වන්න - Be the change". එවිට වෙනස අත්විඳිය හැකි වනු ඇත.
මේ පිළිබඳ වැඩිදුර විස්තර thamarangsit@who.int ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කාර්යාලයේ බෝ නොවන රෝග සහ පාරිසරිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබා ගත හැකිය.Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com3tag:blogger.com,1999:blog-2317708917192166994.post-22424236526466770852016-08-21T22:48:00.000+05:302016-08-21T22:48:21.970+05:30මල් සිටුවීම තහනම් කිරීම...
ටිකක් දිග පෝස්ට් එකක් නිසා කොටස් දෙකකට කඩලා ලියන්න හිතුවෙ. ඒත් පළවෙනි කොටස විතරක් දාපුවාම මේක මොන විකාරයක් ද කියල කීප දෙනෙකුටම හිතිල තිබුණා. ඒ නිසා ඒක අයින් කරල මුළු පෝස්ට් එකම එකපාර දැම්මා.
ඔන්න බොහොම කාලයකට ඉස්සර එක්තරා රටක හිටපු පාලකයො ඒ රටේ කිසිම තැනක "මල් ඇට" හිටවන එක තහනම් කළා. මල් ඇට කියන්නෙ කිසිම කමකට නැති ජාතියක් ය, මල් පිපුණට ඒවා ආහාර නිෂ්පාදනය කරන්නෙ නැත, ඒවා අනිත් "ඵලදායී" ගස් වලට තියෙන පෝෂණය පරිභෝජනය කරන නිසා ඵලදායී ගස් වල පෝෂණය අඩු වෙනවා ය ආදී වශයෙන් ඒ තීරණය සාධාරණීකරණය කරන්න විවිධ අදහස් ජනමාධ්‍ය වලින් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. මල් ඇට වලට වත්, මල් ගස් වලට වත් ඒ තීරණයට විරුද්ධව කතා කරන්න තරං හයියක් තිබුණෙ නෑ. කොටින්ම කිව්වොත් හදල තිබුණ ප්‍රතිරූපය නිසා මල් ගස් වුනත් තමන් කමකට නැති කොටසක් කියල හිතන්න පටන් අරං තිබුණා.
සමාජයට වුනෙත් ඒ ටිකමයි. ටිකෙන් ටික මල් ගස් සමාජයෙන් කොන් කරන්න පටන් ගත්තා. මල් ඇට "වෙනස් කොට සැළකීමට" භාජනය වෙන්න පටන් ගත්තා. මල් ගහක් දැකපු ගමන් කපල දාන්න ගොවි මහත්තුරු දෙපාරක් හිතුවෙ නෑ. කලාතුරකින් ඵලදායී තැනක වැටුණු මල් ඇටයක් ඇරෙන්න අනිත් මල් ඇට පැළ නොවී අකාලයේ විනාශ වෙලා යන්න පටන් ගත්තා. ටික ටික පරිසරයේ මල් ගස් හිඟ වුනා. ටික ටික මල් ගස් තහනම සමාජ සම්මතයක් බවට පත් වෙනකොට මල් ගහක් තිබුණ ගෙවල් පවා කොන් කිරීමට භාජනය වෙන්න පටන් ගත්තා. ඒ නිසා ආසාවෙන් මල් වවපු ගෑණු ළමයි මල් වවන එක නවත්තල දැම්මා. අවුරුදු ගානක් යනකොට මල් වැවීම පවක් කියල ළමයින්ට කියල දෙන සංස්කෘතියක් ඇති වුණා. වත්තක මල් ගහක් හැදුනොත් ඒක ඒ පවුලෙ අයගෙ පාපයක් විදියට හඳුන්වන්න ගත්තා. මල් ගහ තියෙන ගෙදර කිව්වාම මිනිස්සු පිළිකුලෙන් බලන එක සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.
ඔන්න ඔහොම කාලයක් ගත වෙලා මල් ඇට හිටවන එක තහනම් කරපු පනත දැකලවත් නැති හතර වෙනි පරම්පරාවෙ කීප දෙනෙක් මල් ඇට සහ මල් පැළ වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන මේ කොන් කිරීම අසාධාරණ බව තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ එක්කම මල් ඇට වල අයිතිවාසිකම් උල්ලංඝනය වෙනව ය, ඒ අයටත් අනිත් ගස් හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතුය, කියල තව තව තැන් වලින් පොඩි පොඩි අදහස් මතු වුණා. මල් ඇට තහනම් කරපු නීතියට වඩා සමාජ සම්මතයක් විදියට ගොඩනැගුණු මල් ගස් කොන් කිරීමේ සංකල්පයේ ම එළඹිලා හිටපු වැඩිහිටියෝ ඒ කීප දෙනාගෙ අදහස් එතනම විනාශ කරල දැම්මා. ඔය විදියට කාලයක් ගත වුණත් මල් ඇට වලට නිසි තැන කවදාවත්ම ලැබුණෙ නෑ.
තවත් කාලයක් ගිහිල්ලා මල් ඇට විනාශ වෙන හැටි බලාගෙන ඉන්න බැරි කට්ටිය කීප දෙනෙක් එකතු වෙලා තැන් තැන් වල මල් ඇට තවාන් කරලා ආරක්ෂා කරන්න පටන් ගත්තා. ගොඩක් පරණ නීතිය ඒ වෙනකොට ක්‍රියාත්මක නොවුනට නීතිය විසින් ඇති කරපු සමාජ අපවාදය නිසා මේ මල් තවාන් කරන අය පව්කාරයො විදියටයි සමාජය දැක්කෙ. හැබැයි එයාලට උදව් කරන අයත් කීප දෙනෙක් නොහිටියා නෙමෙයි. ඒ උදව් කරපු කට්ටිය තමන්ට පුළුවන් විදියට මල් ගස් කියන්නෙත් අනිත් ගස් වරග වගේම ජාතියක් ය, එ්ව විතරක් කොන් කරන එක වැරදි ය කියන මතය සමාජගත කරන්න උත්සාහ කළා. මුලින්ම පත්තර වලට ලිව්වා. ඊට පස්සෙ පා ගමන් ගියා. එක එක විදියේ වැඩසටහන් වලින් මල් ඇට වලට "සමාන අවස්ථා" ලබා දෙන්න කියල ඉල්ලීම් කරන්න ගත්තා.
ටිකෙන් ටික මේ ඉල්ලීම් වැඩි වෙනකොට රජය මල් ඇට තහනම ඉවත් කළා. දැන් කැමති කෙනෙකුට මල් ඇට හිටවන්න තහනමක් නෑ. මල් ගස් ගැන කතා කරපු බොහෝ අයට මේක ලොකු අස්වැසිල්ලක් වුණා. ඒ නිසා එයාල තවදුරටත් සටන් කරන එක නවත්තල දැම්මා. දැන් නීතියෙන් තහනමක් නැති නිසා මිනිස්සු ඕන තරම් මල් ගස් හිටවන්න ඇති නේද? එහෙම වුනේ නෑ. නීතිය ඉවත් කළාට සමාජයේ මල් වලට එරෙහි කොන් කිරීම තවදුරටත් ඒ විදියට ම තිබුණා. ගෙදරක මල් ගහක් පැළ වෙන එක පවක් කියල තවමත් මිනිස්සු විශ්වාස කළා. කවුරු හරි මල් ඇට වගා කරනවා නං ඒ පව්කාරයෙක්, සමාජ විරෝධියෙක්, කමකට නැති එකෙක් කියල මිනිස්සු කතා වුනා.
ඊට පස්සෙ මල් ඇට වෙනුවෙන් ක්‍රියා කරන සංවිධාන උසාවි ගියා මල් ඇට වල “අයිතිවාසිකම්” වෙනුවෙන් කතා කරන්න. උසාවිය මල් ඇට සහ මල් ගස් කොන් කිරීම තහනම් කළා. කවුරු හරි මල් ගස් වලට අපහාස කළොත් ඒක වරදක් කියල උසාවිය තීරණය කළා. දැන් කවුරුත් ප්‍රසිද්ධියෙ මල් ගස් වලට අපහාස කරන්නෙ නෑ, ලොකු නිදහසක් මල් ගස් වලටත්, මල් ගස් හිටවන අයටත් ලැබුණා.
දැන්නං මල් ගස් වලට නිදහසේ වැවෙන්න පුළුවන්. ඔයාලට එහෙම හිතෙනවා ඇති. නමුත් අවාසනාවට එහෙම වුනේ නෑ. මොකද ගොඩක් මල් ගස් වලට අනිත් ඕන තැනක වැවෙන ගස් වලට තරම් දරා ගැනීමේ හැකියාවක් නෑ. එයාලට වැවෙන්න නම් ඒකට සුදුසු පරිසරයක් තියෙන්න ඕන. මල් ගස් වලට වැවෙන්න නිදහසට වඩා යමක් අවශ්‍යයි. ඒ තමයි වැවෙන්න අවශ්‍ය “පරිසරයක්” සහ “පහසුකම්”. ඒවා නැතුව වැවෙන්න පුළුවන් මල් ගස් විතරක් බොහොම අමාරුවෙන් වැවෙන්න පටන් ගත්තා. ඒ තරම් ශක්තියක් නැති මල් ගස් වලට පරණ නීතිය අයින් කිරීමෙන් වත්, අලුත් නීති පැනවීමෙන් වත් ඒ තරම් යහපතක් වුනේ නෑ. අවාසනාවන්තම කාරණය තමයි මෙච්චර කල් මල් ගස් වෙනුවෙන් පෙනී හිටපු අය දැන් මල් ගස් වල අවශ්‍යතා සම්පූරණයි කියල නිහඬ වුන එක. දැන් මල් ගස් වෙනුවෙන් කතා කරන්න වත් හිටියෙ බොහොම ටික දෙනයි.
ඒ ටික දෙනා රජයට මෙන්න මේ වගේ යෝජනාවක් කළා. ඒ තමයි මල් ගස් ආරක්ෂා කරන්න අවශ්‍ය නීති හදල දෙන්න කියන එක. මල් ගස් වලට වැවෙන්න අනිත් ගස් වලට ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක් ලැබිය යුතුයි කියල මල් ක්‍රියාකාරීන් රජයට යෝජනා කළා.
හැබැයි මල් ගස් වලට විශේෂ පහසුකම් දෙනවට අනිත් ගස් කැමති වුනේ නෑ. ඒ වුණාට විරෝධතා මැදින් බොහොම වෙහෙස මහන්සි වෙලා ඒ නීතියත් සම්මත කර ගත්තට පස්සෙ තමයි මල් ගස් වලට නිදහසේ වැවෙන්න අවස්ථාව ලැබුනෙ. දැන් මල් වලට වැවෙන්න අවශ්‍ය පොහොර, වතුර ටික සපයන්න සමාජය නීතියෙන්ම බැඳිලා ඉන්නවා. ඒ නිසා දවසින් දවස වටපිටාවෙ මල් ගස් වැඩි වෙමින් යනවා. පරිසරය ටික ටික ලස්සන වෙනවා. ඔන්න ඔහොමයි අපේ වටපිටාව මල් ගස් වලින් පිරිල තියෙන්නෙ. පොඩ්ඩක් ජනේලෙන් ඔලුව එළියට දාලා බලන්න මල් ගස් කීයක් නං තියෙනවද කියල.
කිසිම තේරුමක් නැති කතාවක් නේද? හැබැයි මේ කතාවෙම “මල් ගස්” වෙනුවට “ආබාධ සහිත අය” කියන වචනය ආදේශ කරල බලන්න. නැත්නම් සමාජයේ කොන් කිරීමට, වෙනස් කොට සැලකීමට භාජනය වෙන පුද්ගල කණ්ඩායමක් ආදේශ කරල බලන්න. සමහර විට තේරුමක් තියෙයි. මං මේ කතා කරන්නෙ ආබාධ සහිත අය ගැන. විවිධ නීති, අන පනත්, උසාවි නියෝග පහු කරලා අද වෙනකොට ආබාධ සහිත පුද්ගලයන්ට “සමාජගත වීම” සඳහා “ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක්” ලැබිය යුතුයි කියල ලෝකයේ බොහෝ රට වල් පිළි ගනිමින් ඉන්නවා. ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අවශ්‍ය අන පනත් සකස් කරමින් යනවා. එහි එක ප්‍රධාන පියවරක් තමයි 2006 අවුරුද්දෙ සකස් කරපු “ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය”. අවුරුදු 10 කට පස්සෙ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ ශ්‍රී ලංකාව මේ ප්රඥප්තිය ක්‍රියාත්මක කරන්න එකඟ වෙනවා.
මේ ප්රඥප්තිය අලුත් අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ නෑ. නමුත් 1945 එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් ප්රඥප්තිය මගින් සම්මත කරල තියෙන මානව අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් ලැබීම සහතික කරන නව යෝජනා එහි ඇතුලත් කරල තියෙනවා. ආබාධ ඇති නැති හැමෝටම එකම අයිතිවාසිකම් හිමි විය යුතු බවත්, ඒ අයිතිවාසිකම් ලැබීමේ දී ආබාධ සහිත පුද්ගලයන්ට “ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක්” ලැබිය යුතු අවස්ථා වල දී ඒවා ලබා දීමට රජය සහ ප්‍රජාව කටයුතු කළ යුතු බවත් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය පෙන්වා දෙනවා.
රටක් විදියට අපිට ආබාධ සහිත පුද්ගලයන්ට සමාජයේ එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීමට ප්‍රමාණවත් පහසුකම් සහ සුදුසු පරිසරයක් සකස් කරන්න පුළුවන් නම් ඒ අය සමාජයට බරක් වෙන එක නතර වේවි. ඒ අය තමන්ගේ විය හියදම් ටික තමන්ම සපුරාගෙන, තමන්ට පුළුවන් විදියට එදිනෙදා වැඩ කටයුතු කරගෙන ස්වාධීනව, අභිමානයෙන් යුතු ව ජීවත් වේවි. ඒ ඉලක්කය තව ගොඩක් දුරයි. හැබැයි අපි අද පටන්ගත්තොත් අපිට ටිකක් කලින් එතනට යන්න පුළුවන්.
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com7tag:blogger.com,1999:blog-2317708917192166994.post-7094799837522910952016-03-28T20:27:00.000+05:302016-03-28T20:27:26.785+05:30වැස්සකාලෙකට ඉස්සර බලපු හින්දි චිත්‍රපටයක් අවසන් වෙන්නෙ දීර්ඝ කාලයක් පැවති ඉඩෝරය නිමා කරමින් වැසි වසින අවස්ථාවෙන්. ඒ වෙලාවෙ ජනතාව එලියට බැහැලා වැස්සේ තෙමෙමින් ගීත ගයමින් විනෝද වෙනවා. වියලි කාලයට දැඩි උණුසුමක් පවතින ඉන්දියාව වගේ රටක එහෙම වුණත් සම සීතෝෂ්ණ කාලගුණයක් පවතින අපේ රටේ එහෙම වෙන එකක් නෑ කියලයි මට ඒ දවස් වල හිතුණෙ.
ඔහොම කාලය ගත වෙලා 2016 අවුරුද්ද උදාවෙනකොටම මේ අවුරුද්ද උණුසුම වැඩි වසරක් වේවි කියල කාලගුණ අනාවැකි කියන්න පටන්ගත්තා. එදා ඉඳල ඊයෙ වෙනකං කිසිම පළාතකට හරිහමං වැස්සක් ලැබුණෙ නෑ. උදේ අවදි වුණ වෙලාවෙ ඉඳල රෑ නින්දට යන වෙලාව වෙනකනුත්, ඊට පස්සෙ මුළු රෑ පුරාමත් ඉතා අධික උණුසුමක් දැනෙන්න පටන්ගත්තා.
ජලාශ බලාගෙන ඉන්නකොට හිඳිල ගියා. වික්ටෝරියා ජලාශයට යට වුණු පැරණි තෙල්දෙණිය නගරය ආයෙත් මතුවුණා. කොත්මලේ ඇතුළු ජලාශ ගණනාවක් සම්පූර්ණයෙන්ම හිඳිල ගියා. කළු ගඟ දිගේ මුහුදු වතුර ඉහලට ගලන්න පටන්ගත්තා. ජල විදුලිය සපයන මූලාශ්‍ර හිඳුන නිසා ජල විදුලිය සීමා වුණා. රටේ අවශ්‍යතාවය සපුරන්න තාප විදුලිය සමත් වුණේ නැහැ.
බොන්න තියෙන වතුර ප්‍රමාණය දවසින් දවස අඩු වුණා. වතුර හොයාගෙන සත්තු සරපයො ගෙවල් වලට එන්න පටන්ගත්තා. අපි එයාලව මරලා එයාලගෙ ජල අවශ්‍යතාවය තෘප්ත කරල දුන්නා. සමහර පළාත් වල වතුර ලුණු රහ වෙනකොට සුපර්මාකට් එකෙන් බෝතල් වතුර මිලදි ගන්න සිදුවුණා.
දවසින් දවස උණුසුම වැඩි වෙනකොට පාසල් ක්‍රීඩා තරඟ කල් දමන්න රජය තීරණය කළා. ලෝකයේ සමහර රටවල පාසල් සම්පූර්ණයෙන්ම වසා දැම්මා. කුඹුරු ගොවිතැන් වගේ අව්වේ වෙහෙස වෙලා කරන වැඩ කටයුතු වලින් ඈත් වෙන්න කියල නිවේදන නිකුත් වුණා.
අන්තිමේදි ඊයෙ ඉඳල රටේ එක එක පැති වලට ටික ටික වහිනවා. මං ඉන්න පළාතෙත් මේ වෙනකොට පොද වැසි වැටෙන්න පටන් අරගෙන. සමාජ ජාල පුරාම වැස්ස නිසා සතුටට පත් වුණ අයගෙ අදහස්. අපි කවදාවත් නොහිතපු තරමට වැස්සට වටිනාකමක් ලැබිලා. උණුසුම ටිකක් විතර අඩු වෙලා.
ආයෙත් හෙට ඉඳලා පායයි ද දන්නෙ නෑ. ඒ කොහොම වුණත් අද අපි හැමෝම ඉන්නෙ සතුටින්. පෑවිල්ල ඉවර වුණ එකේ සතුට. ආයෙත් මේ වගේ පෑවිල්ලක් එන්නෙ නැති වෙන්න අපි මොනවද කරන්න ඕන කියල හිතන්න ඕන අද වගේ දවසක කියලයි මට හිතෙන්නෙ. කාලෙකට ඉස්සර 87% ක් වූ අපේ රටේ වනගහනය මේ වෙනකොට 27% දක්වා අඩු වෙලා. අපි හැමෝටම පුළුවන්නං එක පැළයක් හිටවල රැකබලා ගන්න, ආයෙත් රටේ වනගහනය තරමක් හරි වැඩි කරන්න අපිට පුළුවන් වේවි. එතකොට මේ වගේ නියං කාලයක් ආයෙ ආවත් මේ තරම් උණුසුමක් දැනෙන එකක් නෑ, මේ තරම් හානියක් වෙන එකකුත් නෑ....
(ඡායාරූප අයිතිය - සමීර රුක්ෂාන් මෙන්ඩිස්, ලංකාදීප වෙබ් අඩවිය සහ ගූගල් දෙයියෝ)Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com2tag:blogger.com,1999:blog-2317708917192166994.post-48504474106675164312016-01-17T22:31:00.000+05:302016-01-17T22:31:42.403+05:30හෝ ගානා පොකුණ... කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේ අසුනක මම වාඩි වී සිටිමි. තිරය මත සිනමා රූ අැඳෙයි. අෑත දුෂ්කර ගමකි. 98% ක් විදුලිය සපයා අැති රටේ විදුලිය පවා නොමැති ගම්මානයකි. මේ ගමේ දරුවන් කවදාවත් මුහුද දැක නැත. මුහුද බලන එක ලේසි වැඩක් ද නොවේ. බොහෝ දුර ගෙවාගෙන කොළඹ යා යුතුය. "මෙහෙම ගම් කොහෙද බං ලංකාවෙ?" මගේ මිතුරා අසයි.
මා සිතින් කහටලියද්ද කණිෂ්ඨ විද්‍යාලයට යමි. පසුගිය වසරේ මැයි මාසය වන තෙක් කිසිදා පුළුල් තිරයක සිනමාපටයක් නරඹා නොමැති ඒ දරුවන් තිරය මත දකිමි. මීට අවුරුදු කිහිපයකට පෙර අප ගිය නාන්නේරිය, මහතෝරව පාසල වෙත යමි. පාවහන් නොපැළඳි ඒ දරුවන් තිරය මත දකිමි. හෝ ගානා පොකුණේ ගුරුවරිය වැනි ගුරුවරියන් ඇත්තේ අතලොස්සක් වන්නට පුළුවන. එහෙත් එවැනි අය නැතැයි කියන්නට මට නොසිතෙයි. දුයිෂෙන් ගේ සිට, කොබයාෂි ගුරුතුමාගේ සිට අදටත් ඈත ගම්මාන වල දරුවන්ගේ දෑස් පාදන්නට සිය ජීවිතය කැප කරන ගුරුවරුන් දක්වා ඇය සතු ගුණාංග අඩු වැඩි වශයෙන් පවතී.
සිනමාපටයක් විදියට හෝ ගානා පොකුණ විචාරයට ලක් කරන්නට තරම් මා බහුස්රැතයෙක් නොවේ. එහෙත් නැවත නැවතත් බලන්නට සිත් දෙන ආදරණීය බවක් ඒ තුල ගැබ් වී තිබේ. විදුහල්පතිතුමාගේ උපහාසය, ගුරුතුමියගේ උත්සාහය, දරුවන්ගේ උනන්දුව, දෙමාපියන්ගේ සිහින, ග්‍රාම නිළධාරීගේ බලය යන මේ සියල්ල මා ගුරුවරයකු නොවූයේ මන්දැයි සිතන්නට මා පොළඹවයි. මේ සියල්ල අතහැර ඈත ගමක ගුරුවරයකු වුණානම් හොඳ යැයි මට සිතෙයි. එවිට දරුවන් වෙනුවෙන් යමක් කරන්නට පුළුවන.
චිත්‍රපටයේ කතාව ලියා තැබීම තවම නරඹා නැති අයට කරන අසාධාරණයකි. එසේ වුවද එකිනෙකට වෙනස් ස්ථර තුනක දිවෙන කතා තුනක් හෝ ගානා පොකුණේ මම නරඹමි. පළමුවැන්න මතුපිටින් පෙනෙන ගුරුතුමිය දරුවන් මුහුද බලන්නට කැඳවාගෙන යාමේ කතාන්දරයයි. දෙවැන්න දරුවන්ගේ දෑස් පාදන්නට සමාජය සතු වගකීම පිළිබඳ කතාවයි. තුන්වැන්න සිනමාපටය පුර දිවෙන දේශපාලන කතාන්දරයයි. ඔබ සිනමාපටය නරඹන්නේ නම් මේ කතාන්දර තුනම කියවිය යුතුය.
ආයෙත් දවසක හෝ ගානා පොකුණ බලන්නට යන්නට මට සිතෙයි. සිනමාකරුවකු ලෙස ඔහුගේ පළමු සිනමාපටයෙන්ම ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතා සමත් වී ඇති බව පෙනෙන්නේ ඔහු ලැබූ සම්මාන වලින් නොවේ. නැවත නැවතත් සිනමාහලට අප කැඳවන මේ ඇද බැඳගන්නා සුලු බව නිසා ය.
මීට අවුරුදු 10 කට ඉස්සර මට ද නාට්‍ය උණ වැළඳී තිබූ සමයෙහි ෆර්ඩි සර් සමග ඉබ්බාගමුව පුහුණු මධ්‍යස්ථානයේ දින කිහිපයක් ගත කර ඇත්තෙමි. ජාතික තරුණ සේවා සභාවේ ඇතුගල්පුර රංග ශිල්ප ශාලිකාවේ ශිෂ්‍යයන් වූ අප වෙනුවෙන් සමන් ගාමිණී සර්ගේ ඇරයුමින් පැමිණි ගාමිණී හත්තොටුවේගම, සරත් ධර්මසිරි, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, අජිත් ක්‍රිෂාන්ත ද සේරම් වැනි ගුරුවරුන් සමග බාහිර දේශකවරයෙකු වශයෙන් ඔහු ද සහභාගී විය. එදා ඔහු අපට ඉගැන්වූ නාට්‍ය කළාව ඔහුගේ "කලම්බො කලම්බො" තුල මා දුටුවෙමි. ඔහු අපට ඉගැන්වූ සිනමාව "හෝ ගානා පොකුණ" ඔස්සේ දකිමි.
ඉතින්, හෝ ගානා පොකුණ නරඹන්න යැයි මම ඔබට ද ආරාධනා කරමි. ඒ මා එය සැබැවින්ම රස විඳි නිසා ය.
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com2tag:blogger.com,1999:blog-2317708917192166994.post-52503815024211427172015-11-17T13:06:00.001+05:302015-11-17T13:06:59.305+05:30රේල් පීලි සොයා හිරගෙදර ගියෙමිහිරගෙදර හෙවත් බන්ධනාගාරයට යන්නට බොහෝ අය අකමැතිය. යන්නට කැමති අය ද සුළු පිරිසක් සිටින නමුත් එවැනි අය එනවාට හිරගෙදර කැමති නැත. ඊට අමතරව රස්සාවේ හැටියට දිනපතාම හිරේ යන අය ද, සතියකට දෙකකට වතාවක් යන අපි වගේ අයද සිටිති. එහෙමයි කියා සාහිත්‍ය සංවාද වලට හිරේ යන අය ගැන අපි අසා නැත.
එවැනි සංවාදයක් ඊයේ (16) පැවැත්විණි. ෆේස්බුක් ඔස්සේ දැන කියාගත් ලලිතා ආන්ටිත්, පීටර් අයියාත් නොවන්නට ඒ වටිනා අවස්ථාව මට අහිමි වන්නට ඉඩ තිබිණි. නමුත් එදා එතැනට ගියේ ජීවිතේටම එක වරක් පමණක් හමු වී ඇති, අඩුම තරමින් අන්තර්ජාලය ඔස්සේවත් කතා බහ කර නැති නිශ්මං රණසිංහ සහෘදයාගේ පොතක් එළිදක්වන බව දැනගැනීමටත් වඩා ඊයේ ඒ අහල පහළ සිටීමත්, මගේ වැඩ රාජකාරි 4.30 වනවිට අවසන් වීමත් නිසා ය. එහෙත් පහට පටන් ගෙන හතට අවසන් වූ ඒ ඉතා චාම් උත්සවය මාස ගණනාවකින් ගොඩ වැදී නැති, වල් බිහි වූ මගේ බ්ලොග් අඩවියේ අලුතින් ලියන්නට මා පෙළඹවීය.
බන්ධනාගාරය කියන වචනය පවා බොහෝ අප්රසන්නය. කෙනෙක් හිරේ ගියොත් ගියාමය. හිරේ යන්නට පෙර තිබූ සමාජ තත්ත්වය, පිළිගැනීම ආපහු ගන්නට බැරිය. එහෙත් බන්ධනාගාර සංකල්පයේ අරමුණ වන්නේ සිරගත වන පුද්ගලයා පුනරුත්ථාපනය කොට නැවත සමාජගත කිරීමය.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අරමුණ ද එයයි. එහෙත් ඔවුනට පමණක් එහි බර දැරිය නොහැකිය. එබැවින් ඔවුන්ට අමතරව එම අරමුණ හරියට ඉටුකර ගන්නට උදව් කරන විවිධ අය සිටිති. නිෂ්මං රණසිංහ එවැන්නෙකි. වැලිකඩ බන්ධනාගාරයේ නාට්‍ය උපදේශකවරයා ඔහු ය. බන්ධනාගාර රැඳවියන් යොදාගනිමින් නිෂ්පාදනය කළ පළමු නාට්‍යය ඔහුගේ ය. එම නාට්‍යය 2014 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළේය. ඒ ඔහු ගැන මා ඊයේ දැනගත් දේ ය.
ඔහු පොත් දෙකක් ලියා පළ කොට තිබේ. ඊයේ එළිදැක්වූ "රේල් පීලි" ඔහුගේ දෙවන කෘතියයි. බොරැල්ල වනාතමුල්ලේ , අවිස්සාවේල්ල - කොළඹ දුම්රිය මාර්ගය අසල පැල්පත් වල ජීවත් වන පවුල් වල යෞවනයන් චරිත බවට පත්කර ගනිමින් ලියා ඇති රේල් පීලි ඊයේ රාත්‍රීයේම කියවා අවසන් කළෙමි. මධුර, අසංක, චලුකි, ලොකු සර් සහ සුබ්‍රමනියම් ආදී චරිත මනසින් මුණගැසුනෙමි. සත්‍ය ලෝකයේදී මුණගැසුනු එවැනි චරිත ඔවුන්ට ආදේශ කළෙමි. පොත කියවා අවසන් කර පැය 12 ක් ගෙවී ඇති මේ මොහොත වන විටත් නිෂ්මංගේ රේල් පීලි මත මා ඇවිද යමින් සිටිමි.
එහෙත් ඊයේ පැවති අමුතු උත්සවයටත්, ඔහුගේ පොතටත් වඩා මේ ඒකකාරී සටහන ලියන්නට මා පෙළඹවූයේ ඔහු ඊයේ අඩිතාලම දැමූ යෝධ කාර්යයයි. සිරගත වීම මිනිසාට බොහෝ දේ අහිමි කරයි. නම වෙනුවට අංකයක් හිමි වෙයි. මෙතෙක් භාවිතා කළ වෛවර්ණ විලාසිතා අහිමි වෙයි. තමාට හුරු පුරුදු සමාජයෙන් වෙන්ව යෝධ තාප්පයකට මැදි වන්නට සිදු වෙයි. ඒ තාප්පයේ පිටතින් "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියා ලියා තිබේ. දින සති මාස අවුරුදු ගණන් මේ ඒකාකාරී භූමිය තුල සිරගතව සිටීම වේදනාකාරීය. හුදෙකලාව මුළු ජීවිතයම වසා ගනියි. තාප්පයෙන් පිටත ලෝකය හැල්මේ දුවන විට තාප්පය ඇතුලත ලෝකය එකතැන පල් වෙමින් තිබේ.
නිෂ්මං හදන්නේ මේ එකතැන පල් වෙන ලෝකයට පොඩි තල්ලුවක් දෙන්නටය. ඒ සිරගතවූවන් වෙනුවෙන් පුස්තකාලයක් ලබා දීමෙනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන අංශය මේ කටයුත්තට නායකත්වය දෙයි. ඒ වෙනුවෙන් පොත් පත් පරිත්‍යාග කරන්නට තාප්පයෙන් පිටත ලෝකයට අවස්ථාව තිබේ. ඊයේ ආරම්භ වූයේ ඒ කටයුත්තයි. කතාව ගමනට දෝලාවක් යැයි කියමනක් තිබේ. කියවීම හුදෙකලාවට මිතුරෙකි. කියවීම මිනිසා සම්පූර්ණ කරන බව අපි අසා ඇත. එබැවින් මේ සත්කාරයට දායක වන්නට ඔබට ද අවස්ථාව ඇත. ඒ සඳහා වැලිකඩ බන්ධනාගාරයේ කොමසාරිස් (පුනරුත්ථාපන) හමුවිය හැකිය. නැතිනම් මුහුණු පොත ඔස්සේ නිෂ්මං රණසිංහ හමුවිය හැකිය. සිරගත වූ ජීවිත කියවීම තුලින් ආලෝකවත් වන යුගයක එහි ආරම්භකයකු වීමේ සතුට භුක්ති විඳින්නට එවිට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.
මේ සොඳුරු මිනිසා විසින් නිර්මාණය කළ නාට්‍යය ඔබේ ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරවා ගැනීමට ද, ඔහුගේ නවකතාවත්, ඊට පෙර ලියන ලද බොක්සිං ක්‍රීඩක මංජුල වන්නිආරච්චි පිළිබඳ ලියා ඇති රන් කඳුල ග්‍රන්ථයත් මිලදී ගැනීමට ද ෆේස්බුක් හරහා ඔහු සම්බන්ධ කරගැනීමට අවස්ථාව ඇති බව අවසාන වශයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි.
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com2tag:blogger.com,1999:blog-2317708917192166994.post-68294998300262299052015-05-18T00:19:00.000+05:302015-05-18T00:19:25.860+05:30ෆේස්බුක් හරහා දුම්බර මිටියාවතට ගිය ගමනක්...දුම්බර මිටියාවත විවිධ කාරණා වලදි නිතර කියවෙන ප්‍රදේශයක්. විශේෂයෙන්ම දුම්බර කඳුවැටියත් ඒ ආශ්රිත පරිසරයත් විශාල ජෛව විවිධත්වයක් සහිත කලාපයක් විදියටයි සැලකෙන්නෙ. වන බිම්, ගංඟා, ඇළ දොළ, කඳු වැටි වන සතුන්ගෙන් පිරි පරිසර පද්ධති රාශියක් මෙම භූමිය තුළ හඳුනාගත හැකියි. ඒ නිසාම දුම්බර කඳුවැටිය මූලික කරගෙන වන රක්ෂිතයක් ප්‍රකාශයට පත් කරල තියෙනවා. දුම්බර ප්‍රසිද්ධියට පත් වෙන්න තවත් හේතුවක් තමයි දුම්බර කලාශිල්ප. හණ සහ ලාක්ෂා ආශ්රිත දුම්බර රටා කර්මාන්තය ලොව පුරා ප්‍රසිද්ධ කලා ශිල්ප කිහිපයක්.
දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාසලට පෙනෙන අයුරු
කහටලියද්ද කියන්නෙ ඒ සුන්දර දුම්බර මිටියාවතේ තියෙන එක ගම්මානයක්. මහනුවර මහියංගන පාරෙ කිලෝමීටර් 49 ක් ගියාම හම්බවෙන උඩදුම්බර නගරයෙන් වම් පැත්තට කිලෝමීටර් 8 ක් විතර යනකොට තමයි කහටලියද්ද හම්බවෙන්නෙ. උඩදුම්බර ඉඳල කහටලියද්දට යන ගමන ඉතාම ප්‍රපාතාකාර බෑවුම් සහිත මාර්ගයක යන්න තියෙන ගමනක්. අපට මේ ගමට යන්න අවස්ථාව ලැබුණෙ අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆේස්බුක් භාවිතාකරන අපේ සොයුරු සොයුරියන් කණ්ඩායමක් කහටලියද්දෙ විශාල පිංකමක් කරන්න කටයුතු කරමින් ඉන්න නිසා.
ශ්‍රමදානයේ අවස්ථාවක්
කාලයක් මුහුණු පොත සිතුවමින් හැඩකල සිත්තරි මං, එහෙමත් නැත්නම් තිලිණි ෂැල්වින් සොයුරිය සේවය කරන්නෙ මේ කහටලියද්ද චූලාභය ද්විතීයික පාසලේ. මේ පාසලේ දරුවන් පහුගිය අවුරුදු හයක් තිස්සේ විශාල ජල හිඟයකින් පීඩා විඳිනවා. ඊට හේතුව පාසලේ තිබුණු එකම නල ළිඳ ක්‍රියා විරහිත වීම. තිලිණි සොයුරිය ඒ ගැන දැනුවත් කලාට පස්සෙ ෆේස්බුක් මිතුරු මිතුරියන් මේ වැඩේට එකතු වුණා. ඉතා ඉක්මනින් නල ළිඳ යථා තත්වයට පත් කරන්න ඔවුන් සමත් වුණා. නමුත් ඊට වඩා කල් පවතින විසඳුමක් විදියට පාසලට කිලෝමීටර් 1 1/2ක් දුරින් තියෙන ජල උල්පතකින් පාසලට ජලය සපයන්නයි ඔවුන්ට අවශ්‍ය වුනේ.
වැඩමුලුවේ අවස්ථාවක් - තේනුවර සර්
මේ කටයුත්ත ගැන කනික් කොනින් ආරංචි වෙලා ෆේස්බුක් ඇතුලු අන්තර්ජාලයේ මිතුරු මිතුරියන් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරලා තිබුණා. පහුගිය පහළොස් වෙනිදා, ඒ කියන්නේ චූලාභය ද්විතීයික පාසල ආරම්භ කරලා අවුරුදු 135 ක් සම්පූර්ණ වෙන දවසේ ඒ කටයුත්තෙන් වැඩි ප්‍රමාණයක් අවසන් කරන්න ඔවුන් සමත් වුණා. උල්පත තියෙන තැන ඉඳලා පාසලට නල ඇතිරීම මේ වෙනකොට අවසන් කරලා තියෙන්නෙ. පාසලේ ජල ටැංකිය හදන වැඩෙත් සැළසුම් කරලා ඉවරයි. නමුත් මේ කණ්ඩායම එතනින් නවතින්නෙ නෑ.
මුදල් භාවිතයේ විනිවිද භාවය
මීට සමගාමීව ඒ පාසලේ දරුවන්ට මුද්‍රණ යන්ත්‍රයක්, රෝනියෝ මුද්‍රණ යන්ත්‍රයක්, පුස්තකාලයක් ඇතුලු බොහේ දේ දෙන්න දැනටමත් සැළසුම් කරලා. ඊට අමතරව පාසලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කරන්නත්, දරුවන්ගේ සහ දෙමාපියන්ගේ දැනුම දියුණු කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කරන්නත් ඔවුන් කටයුතු කරනවා. එහි පළමු පියවර විදියට ප්‍රවින චිත්‍ර/ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර සහ ප්‍රවින කිවිවර බුද්ධදාස ගලප්පත්ති යන මහත්වරුන් එක්ක ඒ දරුවන් වෙනුවෙන් දවසක් ගතකරන්න අවස්ථාව ලැබුණ නිසයි මේ පෝස්ට් එක මේ විදියට ලියවෙන්නෙ.
පහුගිය සතියෙ පැවැත්වූ වැඩසටහන ආරම්භ වුනේ 14 වෙනිදා හැන්දෑවෙ. එදා ඒ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් සිනමාපටයක් ප්‍රදර්ශනය කරනු ලැබුවා. එදා තමයි ඒ දරුවන්ගෙන් බොහෝ දෙනෙක් පුළුල්තිරයක සිනමාපටයක් නරඹපු පළමු අවස්ථාව. 15 වෙනිදා උදේ 8.00 ට පාසලේ දරුවන්ගෙ දෙමාපියන් සහ කොළඹින් ගිය කණ්ඩායම ශ්‍රමදානයකින් නල එලීමේ කටයුත්ත ආරම්භ කලා. හවස 2 වෙනකොට කිලෝමීටර් 1 1/2ක මුලු දුර ප්‍රමාණයම නල එලලා අවසන් කරන්න ඔවුන් සමත් වුණා. ඒ අතරෙ තමයි දරුවන් වෙනුවෙන් වැඩමුළුව පැවැත්වුනේ.
කහටලියද්දට ඉර උදා වූ හැටි
වැඩසටහනේ දෙවන අදියර යටතේ
ලීටර් 5000
ධාරිතාවයෙන් යුත් ජල ගබඩා ටැංකියක් ඉදිකිරිම
වැඩිහිටි ගැහැණු දරුවන්ගේ
සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරිම සඳහා වැසිිකිළි අලුත්වැඩියාව සහ
සනීපාරක්ෂක තුවා බැහැර කිරිමේ පද්ධතියක් පාසල තුල ඉදිකිරිම
පානිය ජල ව්‍යාපෘතියේ ජල ධාරිතාවය වැඩි දියුණු කිරිම
පාසල තුල අභ්‍යන්තර ජලය බෙදාහැරීමේ පද්ධතිය වැඩි දියුණු කිරිම
සනීපාරක්ෂක සහ ජලයෝජනා ක්රමයේ නඩත්තු සහ මෙහෙයුම් ක්‍රියාවලිය ස්ථාපිත කිරිම සහ
පුස්තකාලය සදහා පොත්පත් ලබාදීම
සිදු කිරීමට නියමිතයි.
මේ කටයුතු වලට සහභාගී වෙන හැම කෙනෙක්ම තම තමන්ගේ වියදම් තමන් දරාගනිමින් මේ කටයුත්තට දායක වීම වැදගත් කාරණයක්. තමන්ට ආධාර වශයෙන් ලැබෙන සියලු මුදල් ව්‍යාපෘතිය වෙනුවෙන් පමණක් වැය කරන්න ඔවුන් තීරණය කරලා. ඒ නිසා මම කලින් කියපු ප්‍රවීනයන් ඇතුලු හැම කෙනෙක්ම තමන්ගේ වියදම් තමන් දරාගනිමින් තමයි මේ වැඩේට දායක වෙන්නෙ.
ශ්‍රමදානයේ අවස්ථාවක්
මේ සුන්දර මිටියාවතේ දුෂ්කර ජීවිත තරමක් හෝ පහසු කර දෙන්නටත් ලෝකය නොදුටු දරුවන්ගේ දෑස් පාදන්නටත් මේ කණ්ඩායම ගන්නා උත්සාහය අගය කළ යුතුමයි. මේ කටයුත්ත සංවිධානය කරන කණ්ඩායමේ වචන වලින් කියනවානං "මේ වැඩේ සාර්ථකයි කියල කියන්නෙ කවදහරි දවසක මේ පාසලෙන් රටට ලෝකෙට වැඩක් කරන එක දරුවෙක් හරි බිහිවුන දවසට"යි.
ඉතිං ඒ සිහිනය සැබෑ කරගන්න මුදලින් හරි ශ්‍රමයෙන් හරි දායක වෙන්න ඔබත් කැමතිනම් මෙන්න මේ ෆේස්බුක් ඉවෙන්ට් එකට ගියොත් විස්තර දැනගන්න පුලුවන්. අනාගතයේ දවසක රට බබලවන චරිතයක් චූලාභය ද්විතීයික පාසලෙන් බිහි වුනොත් එය ඔබටත් ආඩම්බර වන්නට කාරණාවක් වේවි.
මේ දරුවන්ට හෙටක් හදමු
ප.ලි. -
බ්ලොග් වසන්තයට පෝස්ට් එකක් දෙකක් ලිව්වට පස්සෙ අදයි මේ ලියන්නෙ. ලියන කෙනා පරණ වුනාට බ්ලොග් එක අලුත්. ඒ නිසා මේ පෝස්ට් එකට දකුණු පැත්තෙ follow බොත්තම තියෙන බවත් මේ පෝස්ට් එකට පහලින් comment තීරයක් තියෙන බවත් මතක් කරන්න ඕන. Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com6tag:blogger.com,1999:blog-2317708917192166994.post-41040489721795577722015-04-07T22:49:00.001+05:302015-04-07T22:51:01.647+05:30ඉංගිරීසි
මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු සංඛ්‍යාවක් විදියට ගත්තොත් බිලියන 7 කට වඩා පොඩ්ඩක් වැඩියි කියලයි කියන්නෙ. ඉතිං මේ මිනිස්සු බිලියන හත ජීවත් වෙන්නෙ එක තැනක නෙමෙයි. රටවල්නං195 ක, සමහරු රටක් විදියට පිළිනොගන්න තායිවානයත් ඇතුලත් කලොත් 196 ක. ඒ වගේම මේ එක එක රටවල අය කතා කරන්නෙ එක එක භාෂාවන්. ලෝකයේ භාෂා 6500 ක් විතර තියෙනවා. ඒකෙන් වැඩිම පිරිසක් භාවිතා කරන භාෂාව තමයි චීන භාෂාව. ඊළඟට ස්පාඤ්ඤ භාෂාව. තුන් වෙනියට වැඩිම පිරිසක් භාවිතා කරන්නෙ ඉංග්‍රීසි භාෂාව.
ඉංග්‍රීසි කියන්නෙ අපේ රටේ බොහොම සුලබව භාවිතා වෙන භාෂාවක්.
අපි පාවිච්චි කරන කොපිපොතේ ඉඳලා පරිගණකය දක්වාත්, ගෙදරට ගේන සැමන් ටින්
එකේ ඉඳලා වොෂින් මැෂින් එක දක්වාත් අපි ඉංග්‍රීසි වචනයක් හරි පාවිච්චි
කරනවා. බලන්නකො මේ වාක්‍ය තුන ඇතුලෙ ඉංග්‍රීසි කෑලි කීයක් තියෙනවද කියල. ඒ
මොන දේට පාවිච්චි කලත් අපිට ඉස්කෝලෙදි එපාම කරපු විෂයය ඉංග්‍රීසි.
ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන්න තියෙනවනං ඊට වඩා දෙයක් නෑ. හැබැයි අපි
හැමෝටම ඉංග්‍රීසි ඕන වෙන දවසක් එනවා. ඔයාල කියයි මේක අපේ සිංහල රට. අපිට
සිංහල තිබුණාම ඇති කියලා. ඒ වුනාට ඉංග්‍රීසි ටිකක් නැතුව අද කාලෙ කඩේකිං
ප්ලේන්ටියක් බොන්න පුළුවන්ද?
ඉංග්‍රීසි ඒ තරම් අපිට වැදගත් වෙලා තියෙන්නෙ ඇයි? ඒකට ප්‍රධාන හේතුව වෙන්න ඇත්තෙ අපි ඉංග්‍රීසින්ට යටත් වීම. ලංකාවෙ විතරක් නෙමෙයි, ඉංග්‍රීසි භාෂාව ලෝකය පුරාම ව්‍යාප්ත වෙන්න ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය හේතුවෙන්න ඇති කියලයි කියන්නෙ. ඒ කොහොම වුනත් මේ වෙනකොට ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂාවක් වගේම එක එක භාෂාවන් කතාකරන ජනතාව අතර අන්තර්සන්නිවේදන භාෂාව වෙලා තියෙන්නෙත් ඉංග්‍රීසි. ඒ හින්දා අපි රට රටවලට යනකොට විතරක් නෙමෙයි මේ රටේ ඉන්නකොටත් ඉංග්‍රීසි ටිකක් දැනගෙන ඉන්න එක වටිනවා.
ඒ වුනාට අපි බොහෝ දෙනෙක්ගෙ ඉංග්‍රීසි දැනුම සෑහෙන්න දුර්වලයි. 2013 සාමාන්‍යපෙළ විභාගයේ වැඩිම ශිෂ්‍යයින් පිරිසක් අසමත් වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි විෂයය. ඒ 52.14% ක්. 2014 අවුරුද්දෙත් විභාගය ලියපු සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් ඉංග්‍රීසි අසමත්. ඉංග්‍රීසි අසමත් වීම නිසා අපිට ලැබෙන දේවල් වලට වඩා නොලැබෙන දේවල් වැඩියි. රූපවාහිනියේ උපදෙස් පත්රිකාවෙ ඉඳලා ඉංග්‍රීසි භාෂාවෙන් පළ වෙලා තියෙන ලේඛණ වලට ප්‍රවේශ වෙන්නත්, රාජකාරි ජීවිතයේදී හරි වෙනත් අවස්ථාවකදි හරි හමුවෙන විදේශිකයෙක් එක්ක කතාබහ කරන්නත්, ඉංග්‍රීසි චිත්‍රපටක් හොඳින් රස විඳින්නත් අපේ ඉංග්‍රීසි නොදැනීම බාධාවක් වෙනවා.
ඒ හින්දා ප්‍රමාදයි කියල හිතන්නැතුව ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න පටන්ගන්න. තව තවත් භාෂාවන් ඉගෙනගන්න පුළුවන්නං හොඳයි. නමුත් අපිට ගොඩක්ම අවශ්‍ය වෙන ඉංග්‍රීසියෙන් පටන්ගනිමු. ඕනෑම භාෂාවක ප්‍රධාන කරුණු හතරක් අපි ඉගෙනගන්න ඕනෑ. ඒ තමයි සවන්දීම, කතා කිරීම, ලිවීම සහ කියවීම. ඔය හතරටම ව්‍යාකරණ දැනුමත්, පොහොසත් වචන ගබඩාවක් තිබීමත් වැදගත් වෙනවා. ඉංග්‍රීසි වලටත් ඒ ටික එහෙමමයි. විෂයයක් කියල හිතන්නැතුව භාෂාවක් කියලා ඉගෙනගන්නවනං ඉංග්‍රීසි ඒ තරං අමාරු නෑ. ඒ හින්ද අළුත් අවුරුද්දෙ එක ඉලක්කයක් විදියට ඉංග්‍රීසි දැනුම වැඩිකරගන්න එකත් එකතු කරගත්තොත් අනාගතයට ඒක වැදගත් වේවි.
මතකයිනෙ. 19 තමයි දවස.
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com2tag:blogger.com,1999:blog-2317708917192166994.post-7475933466931165382015-04-02T22:19:00.000+05:302015-04-02T22:30:36.491+05:30හිතෙන හැටි
අප්‍රේල් මාසෙ උදා වෙලා. මේ කාලයට හැමෝම කියන්නෙ වසන්තය කියලා. අළුත් අවුරුද්ද සමරලා, අළුත් ඇඳුම් ඇඳලා, පරණ හිතමිත්රකම් අළුත් කරගෙන සතුටු වෙන කාලය. පහුගිය අවුරුදු හතරෙ වගේම මේ අවුරුද්දෙත් බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය විදියට හඳුන්වන සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවලු.
ඒ එක්කම මේ දවස් වල ඈලි මෑලි දුබල වෙලා තියෙන සිංහල බ්ලොග්කරුවන් නැවත බ්ලොග් ලියන්න උනන්දු කරවන්න කියලා තවත් ව්‍යාපාරයක් පටන් අරගෙන. ඒකට කියන්නේ බ්ලොග් වසන්තය කියලා. ඒ කියන්නෙ තුම්මුල්ලෙ පද්මෙ, කඩුවෙල වසන්ත වගේ කෙනෙක් නෙමෙයිලු. පරණ බ්ලොග්කාරයින් කීප දෙනෙක් එකතු වෙලා කරන වැඩසටහනක් කියලයි කියන්නෙ.
මේ පාර අළුත් අවුරුද්ද වෙනුවෙන් අක්‍රීය වෙලා තියෙන සිංහල බ්ලොග් වල මකුළුදැල් කඩලා, තීන්ත ගාලා අළුතින් ලියන්න පටන්ගන්න කියල ඒ ගොල්ල යෝජනා කරනවා. ඉතින් අවාසනාවට මං යලට මහට හරි ලියපු බ්ලොග් දෙකම අහිමි වුන හින්දා අළුතින්ම බ්ලොග් එකක් පටන්ගන්න හිතුවා.
ඒක තමයි මේක. පුලු පුලුවන් වෙලාවට මේක අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ අප්‍රේල් 19 වෙනිදා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට යන්නත් තියෙනවනෙ. එහෙනං සයිබර් සිහින බක්මහ උළෙලෙදි හමුවෙමු. එතකං ඉඩ තියෙන වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්නකො.
Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com0